Sunday, May 05, 2024
Follow Us
නව වසර පිළිගන්න ඇඳි සිතුවම්....

විදුලි පේනු (plug/switch) අසලට සිත්තම් රටා


වසරින් වසර ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් අත ළඟටම ඇවිදින්. හැමදාමත් එකම විදිහට දකින නිවෙස ඇතුළතට පුංචි හෝ වෙනසක් එක්කරමින් නව වසර පිළිගන්න කැමැති ඔබට අලුත් අදහසකි මේ.

විදුලි ස්විච් බිත්තියේ සවිකර තිබෙන එක අරුමයක් නොවෙයි. ඒත් ඒ විදුලි පුවරු අසලට මෙවැනි සිතුවමක් රැගෙන ගියොත් ඒකත් ඔබේ නිවහනට අලුත් වෙනසක් සමඟ ලස්සනක් ගෙන දේවි.

මෙවැනි සිතුවම් ස්ටිකර් ලෙසින් දැන් විකිණීමට තියෙනවා. සුදු වර්ණය පින්තාරු කළ නිවෙසකට වගේම වෙනත් වර්ණයක් පින්තාරු කළ නිවෙසකටත් මේ ස්ටිකර් අලවා ගත හැකියි. ඒ වගේම ඔන්ලයින් ක්‍රමයට මේ ස්ටිකර් නිවෙසටම ගෙන්නා ගන්නත් පුළුවන්.

ඒත් ඔබ සිතුවමට දක්ෂ කාන්තාවක් නම්, ඔබේ දරුවා, සැමියා සිතුවමට දක්ෂ නම් මේවා බිත්ති මත ඇඳගැනීමට හැකියි. ඒ සඳහා අවශ්‍ය සිතුවම ඇඳ පසුව ගැළපෙන වර්ණ යොදා පින්තාරු කරගත හැකියි. බලන්න, මේ සිත්තම් රටා අතරින් ඔබ කැමැති සිත්තම් තෝරාගෙන එය ඔබේ නිවෙසේ විදුලි පුවරු අසල සිත්තම් කරගන්න.

(Tharuine)