Sunday, May 05, 2024
Follow Us
තරු පිරි කුෂන් කවරයක්

නත්තල වෙනුවෙන් නිවෙස හැඩ කරන ඔබ පුටු සෙටියට, නිදන ඇඳට කුෂන් එකක් එක්කරන්නට හිතනවා ද? මෙන්න ඒ සඳහා අලංකාරයෙන් අනූන කුෂන් එකක්.

අවශ්‍ය දේවල්

 

ගැළපෙන වර්ණයෙන් ලිනන් රෙදි

රතු, කොළ හා සුදු වර්ණ

ෆෙල්ට් රෙදි

ගැළපෙන වර්ණ නූල්

කතුර, අඩි රූල හා අනෙකුත් දේවල්

රතු බයස් පටි

අඟල් 1/4 පළල පැඩිං

ලයිනිං සඳහා රෙදි

අඟල් 17ක් දිග සිප් එකක්

 

නිර්මාණය කිරීම

 

මේ කුෂන් එක අඟල් 16x16 ප්‍රමාණයේ එකකි. ඒ නිසා අඟල් 16 1/2x16 1/2 ප්‍රමාණයට මතු පිට සඳහා රෙදි කොටසක් කපාගන්න. පසුපස සඳහා අඟල් 16 1/2x81/2 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් කපාගන්න. කළු කැරැලි නූල් පොටවල් හයම භාවිතකර ආපසු මැස්මෙන් මෙහි දැක්වෙන සේ රේඛා මසාගන්න. ෆෙල්ට් රෙදිවලින් විවධ ප්‍රමාණයට තරු කපාගන්න. එමෙන්ම ෆෙල්ට් රෙදි රවුම් කපා වටේ නූල් ඇද කුඩා බෝල සාදාගන්න. දැන් ඔබ කළු පැහැයෙන් මසාගත් නූල් රේඛා දිගේ තරු තබා මසාගන්න. ඒ අතරින් සාදාගත් රවුම් ද තබා මසන්න. මෙලෙස සාදාගත් ඉදිරි පළුවට එම පළුවේ ප්‍රමාණයටම කපාගත් පැඩිං කොටස හා ලයිනිං කොටස තබා මසාගන්න.

දැන් පසුපස සඳහා කපාගත් කොටස් දෙකට එම ප්‍රමාණයටම කපාගත් පැඩිං හා ලයිනිං කොටස් තබා මසා එම කොටස් දෙක සම්බන්ධ කරමින් සිප් එක අල්ලා ගන්න. අවසන් වශයෙන් ඉදිරි පළුවට සකසා ගත් පිට පළුව තබා බයස් පටි සම්බන්ධ කරමින් මසාගන්න. මෙලෙස ශබට කැමැති ප්‍රමාණයක් කුෂන් කවර සකසා නිවෙස හැඩකර ගන්න. මෙහි දැක්වෙන අනෙක් කුෂන් ද මේ ආකාරයටම මසා ඇත. ඉදිරිපසට ඇප්ලික්කර ඇති නිර්මාණ පමණක් වෙනස් වේ. ඒවා ඔබට අවශ්‍ය ලෙස සකසා ඇප්ලික් කරගත හැකියි.

(Tharunie)