Sunday, May 05, 2024
Follow Us
නත්තල් ගස හැඩකරන්න

නත්තල් දිනය ළං වෙත්ම නත්තල් ගස ද කලඑළි බසිනවා. මේ නත්තල ගසේ අලංකාරයට විවිධ විසිතුරු නිර්මාණ සකසා නත්තල් ගසේ රඳවන්නට හැකියි.

එවැනි සරල සැරසිලි කිහිපයක් නිර්මාණය කරගන්නා අකාරයයි මේ.

 

අවශ්‍ය දේවල්

 

වර්ණවත් ෆෙල්ට් රෙදි

පැඩිං‍

ගැළපෙන වර්ණ නූල්

ඉඳිකටු

කතුර

කාඩ්බෝඩ්

කොඩ් නූල්

රිබන්

 

නිර්මාණය කිරීම

 

මේ සඳහා අදාළ නිර්මාණයන් කිරීමට පෙර දළ සටහන් මඟින් පතරොම් සකසා ෆෙල්ට් රෙදිවලින් අවශ්‍ය රෙදි කොටස් කපාගන්න. සමහර නිර්මාණ සඳහා එක් කොටසක් කපාගැනීම ප්‍රමාණවත් වුවත් සමහර නිර්මාණ සඳහා කොටස් දෙකක් කපා එකට තබා පැඩිං පිරවීමට ඉඩ තබා වටේ මසා ගන්න. පසුව පැඩිං හෝ පුලුන් පුරවා ඉඩ තැබූ තැන ද මසාගන්න. ගසේ රැඳවීමට රිබන් කොටස් හෝ කෝඩ් නූල් කපා ලූප් සේ සකසා නිර්මාණයට තබා මසාගන්න. මැසීමේ දී බ්ලැන්කට් මැස්ම, ආපසු මැස්ම ආදිය භාවිත කළ හැකියි.

සමහර නිර්මාණ මත ද විවිධ හැඩයන් ඇප්ලික්කර ඇති අතර ඒ වා ෆෙල්ට් රෙදිවලින් කපා ගැළපෙන නූල්වලින් ඇප්ලික් කරගන්න. ඇප්ලික් කිරීම සඳහා ද බ්ලැන්කට් මැස්ම හා ආපසු මැස්ම භාවිත කළ හැකියි.

(Tharunie)