Friday, March 29, 2024
Follow Us
ගෙතුළ හැඩකරනා මනරම් නිමැවුම්

පෙති විදහා සිනහ සලන සොඳුරු මලක අසිරිය පුදුමාකාරයි. සතුට, සැනසුම වාගේම දුක කඳුළත් නිවා සනසාලන්නට මේ මල් වලට ඇත්තේ අපූරු හැකියාවකි.

ඒ නිසාම මල් ගොමුවක් දෙකක් තම ගෙමිදුලේ හෝ ගෙතුළ තැබූ බඳුනක වවා ගන්නට අපි කවුරුත් උත්සාහ දරන්නෙමු. ඊට අමතරව නිවෙස හැඩ වැඩ කරනා විවිධ අංගෝපාංග අතරට අනිවාර්යයෙන්ම කෘත්‍රිම මල් සැකසුමක් දෙකක් හෝ එකතු කරන්නට අප වග බලා ගන්නවා.

ඉතින් කාලයේ තාලයට ගැළපෙන්නට මේ මල් බඳුන් වරින් වර වෙනස් කරන්නටත් අප අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම නිර්මාණාත්මක කුසලතාවය හමුවේ අපූරු නිමැවුම් බිහි කරන්නට අපේ ගෘහණියන් හරිම දක්ෂයි. බලන්න සාම්ප්‍රදායික මල් බඳුන් වෙනුවට ඔබට මෙවැනි වීදුරු බඳුන් පාවිච්චි කරන්න පුළුවනි. විවිධ හැඩයේ මේ වීදුරු බඳුන් වර්ණවත් පබලු, රිබන්, රේන්ද ආදියෙන් විතරක් නෙමේ පින්තාරු කිරීමෙන් ද අලංකාර කරගත හැකියි. ඊට අමතරව මේ විදිහට පැන්සල් මිටියක් එකට තබා රිබන් පටියකින් ගැට ගසා පවා ඔබට අපූරු මල් බඳුනක් සකසා ගත හැකියි.

මෙවැනි නිර්මාණ සඳහා අවශ්‍ය වන්නේ විශාල මුදලක් වැය කරනා අමුද්‍රව්‍ය නොව අවට පරිසරයෙන් සපයා ගත හැකි දේවල් කිහිපයකි. ඊට අමතරව සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය තරමක් වෙනස් සිතිවිලි පමණකි.


(Tharunie)