Saturday, April 19, 2025
Follow Us
හරි ලස්සන පොත් සලකුණු

පාඩම් කරන, පොත් කියවන දරුවන්ට වැදගත් වන පොත් සළකුණකි

කිඳුරියක් සිහිගන්වන මර්මේඩ් මෝස්තරයට සකසා ඇති මෙය ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගන්න අපූරුයි නේද? එළැඹෙන සාහිත්‍ය මාසෙට මෙය අපූරු තෑග්ගක් වේවි.

ඒෆෝ කාඩ්, ඒෆෝ කොළ, සීකුවින්ස්, පැන්සලක්, කතුර සහ ගම් මේ සඳහා අවශ්‍ය වෙනවා. අපි දළ සටහනක් දී ඇති අතර ඒවා අවශ්‍ය ප්‍රමාණයට විශාල කරගෙන බෝඩ්වලින් කපාගන්න. (වලිගය හා කඳ කොටස්) රැලි හැඩ තල ඒෆෝ කොළවලින් කපාගන්න. වලිගයේ හැඩතල අලවන්න. දැන් කඳ කොටසට වලිගය අලවන්න. පසුව මෙහි දැක්වෙන සේ සීකුවින්ස් අලවා හැඩ කරගන්න. පින්තුර දෙස බැලීමෙන් මේ නිර්මාණය කරන ආකාරය පැහැදිලි වේවි.

(Tharunie)