Sunday, February 15, 2026
Follow Us
බබාගේ හුරතලේ

සූප්පුවක් කටින් ගෙන ටෙඩි බෙයාර් සමඟ සෙල්ලම් කරන පුංචි බබෙකි. මෙය ළදරු ආයිත්තම් හැඩකරන්නයි. ළදරු බෑගයකට අලංකාරයක් ගෙන දෙන්නට කදිමයි.

අවශ්‍ය දේවල්

අයිඩා රෙදි

ටැපැස්ට්‍රි ඉඳිකටු

කපු කැරැලි නූල්

රාමුව, කතුර

 

මසා ගැනීම

මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් අඟල් 5x5.5 ප්‍රමාණයේ නිර්මාණයකි.

අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි.

(Tharunie)