Tuesday, April 16, 2024
Follow Us
පොට් හෝල්ඩර්

ආහාර පිසින බඳුන්, සෝස් පෑන් වැනි උණුසුම් බඳුන් ළිප මතින් පිටතට ගැනීම සඳහා මෙය භාවිත කරනු ලබයි.

මෙවැනි පොට් හෝල්ඩර් මැසීම සඳහා යම් දෙයක් මසා ඉතිරිවූ රෙදි ප්‍රමාණවත්ය.

නැතිනම් ටේබල් මැට් එකක් ලෙසද භාවිත කළ හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ ඉතිරි වූ රෙදි කොටස් කීපයක් සහ මැසීම සඳහා නූල්ය. එසේම මෙම පොට්හෝල්ඩර් ඔබට කැමැති හැඩයකට කපාගත හැකිය. ඔබට මෙය හදවත් හැඩයකට කපාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා හතරැස් රෙදි කොටසක් ගෙන දෙකට නමා රූප සටහනේ දැක්වෙන ආකාරයට ඇඳ කපාගන්න.

ඒ ආකාරයට කොටස් දෙකක් කපාගන්න. ඉන්පසු එහි උඩට ඇල්ලීමට වෙනත් පාටකින් තවත් රෙදි කොටස් දෙකක් කපාගන්න. මේ ආකාරයට කොටස් දෙකක් තුනක් පමණ ඝණකමට මසාගන්න.

මැදට ඉතිරිවූ රෙදි කොටස් කීපයක් තබා දෙපසට හදවත් හැඩ දෙක තබා මසා ගන්න.

එහි උඩට ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කොටස් දෙකක් තබා මසා වටේට පයිපිං ෂීට් තබා මසාගන්න. පහත රූප සටහන්වල දී ඇති ආකාරයට ඔබට කැමැති හැඩවලින් හදවත් හැඩ කපා මසාගන්න.

 

උපදෙස් -
ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී
දීපිකා රාජපක්ෂ

(Tharunie)