Friday, April 19, 2024
Follow Us
සිඟිති දෝණිට හැඩැති ගවුමක් සමඟ කලිසමක් ඇඳුමක් මසමු

කොරෝනා වසංගතයක් එක්ක වැඩිපුරම අපහසුතාවන්ට පත්වූණේ පාසල් යන වයසේ සිටින පොඩි දරුවන් කීවොත් නැවැරැදියි. ඔවුන්ට නිවෙසේම රැඳී සිටින්නට සිදුවීමෙන් ජීවිතය ඒකාකාරී බවට පත්වෙලා කියන එක කියන්න ඕන නැහැනෙ. සෙල්ලම් කරන්න අහල පහළ නිවෙසකටවත් යන්නට බැරි නිසා ඔවුන්ගේ මේ පීඩනය තවත් වැඩියි. ඉතින් ඔබේ පුංචි දියණියටත් වෙනසකටත් එක්ක අලුත් ඇඳුමක් මසා දුන්නොත්.

අපි අද ඉදිරිපත් කරන්නේ අවුරුදු 1 සිට අවුරුදු 6 දක්වා වයස්වල පසුවන දියණියන්ට ගැළපෙන ඇඳුම් විලාසිතාවකි. ඔබත් මෙය ඔබේ දියණියට මසා දෙන්න.

උරහිස = අඟල් 9

කරවට = අඟල් 10

අත්කට රේඛාවට උස = අඟල් 3 1/2

පපුවවට = අඟල් 18

උස = අඟල් 11

කලිසමට මිමි

ඉණවට = අඟල් 18

ගොල්ෆි උස = අඟල් 6

උස = අඟල් 11

කකුලවට = අඟල් 12

යෝක් කොටස සඳහා පතරොමක් සාදාගන්න. පතරොම සඳහා ඉදිරිපස නැම්මට ගෙන ඉහළින් හරහට රේඛාවක් අඳින්න.

එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එයට මැහුම්වාසි එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2 ක් අඩුකර AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කරන්න.

අත්කට රේඛාවට උස A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාව අඳින්න.අත්කට රේඛාවට දිග සඳහා පපුවවට හතරෙන් බෙදා අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් අඳින්න. අත්කට වක්‍රය ඇඳීමේදී උරහිසෙන් මඳක් ඉහළට කර ඇඳගන්න.

උරපටි පළල තබා කර ද කවාකාරව ඇඳගන්න. යෝක් උස ඔබට අවශ්‍ය උස ගෙන පහත්කර අත්කටට අඳින්න. රෙදිමත තබා කැපීමේදී මැහුම් වාසි තබා කපා ගන්න.

පසුපස ද එලෙසම කපා ගන්න. කර ගැඹුර අඩුකර කපන්න.

යෝක් කොටසින් පහළ කොටස සඳහා අවශ්‍ය උසගෙන රැලිකිරීම සඳහා අවශ්‍ය පළල ද එකතුකර රෙදි කොටස කපා

ගන්න. එය හරහට දෙකට නමා අංශය පැත්තෙන් අත්කට මඳක් කපාගන්න. එය පහතට අඟල් 1 පමණ ඇතුළට අඟල් 1 1/2 පමණ ඔබ යෝක් එක තබා බලා කපාගන්න.

අත්කටට පහත වාටියට ෆිල් එකක් අල්ලා ඇත. අතේ කොට හැඩේට කපා ගන්න. වාටිය කොටස දිගට කපා ගන්න.

කලිසම

පුංචි දරුවකුට බැවින් අපට ඉදිරි හා පසුපස පළු දෙකම එකවර කපාගත හැකියි. ඔබ රෙදි කොටස හතරකට නමාගන්න.

ඉහළින් ඉලාස්ටික් තබා මැසීම සඳහා අඟල් 1 1/2 ක් තබා ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න. පහතින් වාටිය සඳහා මැහුම්වාසි අඟල් 1 හෝ 1 1/2 ක් පහත්කර වාටිය

රේඛාව අඳින්න.

ගොල්ෆි රේඛාවේ හරහට අඟල් 1 1/2 ක් ලකුණු කරන්න. එය AB වේ.

ඉණ රේඛාවේ හරහට අඟල් 2 ක් ලකුණු කරන්න. එය CD වේ. B හා D යා කරන්න. B සිට ගොල්ෆි වක්‍රය අඳින්න.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට අඟල් 2 ක් පමණ එකතුකර (ඉලාස්ටික් ඇදීම සඳහා) D සිට ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය DE වේ. වාටිය නැම්ම රේඛාවේ හරහට අඟල් 1 ලකුණු කරන්න. එය F වේ. කකුල වට මිම්ම දෙකට බෙදා එය F සිට හරහට

ලකුණු කරන්න. එය FG වේ. GE යා කරන්න. මැහුම් වාසි තබා කපාගන්න.

මැසීම

* කලිසමේ ගොල්ෆි දෙක මසන්න.

* එකමත එක තබා අංශ්‍ය දෙක මසන්න

* ඉණ නමා මසා ඉලාස්ටික් යොදාගන්න.

* වාටිය මසා කරුව උස මසන්න.

* යෝක් කොටස ඔබට අවශ්‍ය නම් ඩබල් කරගත හැකියි.

* උරහිස මසන්න.

* අතට ෆ්‍රිල් එක අල්ලා ඉතිරිය පයිපිං කරන්න.

* රැලිකර රෙදි කොටස අල්ලාගන්න.

* යටින් ෆ්‍රිල් එක අල්ලාගන්න.

* කර පයිපිං කරගන්න.

23 1

උපදෙස් -

ප්‍රවීණ උපදේශිකා

දිලුෂි දසනායක

(Tharunie)