Sunday, February 15, 2026
Follow Us
ත්‍රිමාණ එම්බ්‍රොයිඩරි කලාවක විස්මය විඳිමු

සොඳුරු දර්ශනවලට අපූර්ව ලෙසින් ජීවය දෙන රිබන් බිත්ති සැරසිලි නෙතු ආකර්ෂණය කරයි.

එමෙන්ම ඇඳුම් පැලඳුම්, කුෂන් කවර, කොට්ට, මේස රෙදි ආදිය අලංකාර කරගැනීම සඳහා ද අපි විවිධ ක ‍්‍රම භාවිත කරන්නෙමු.

ඒ අතරින් රිබන් එම්බ්‍රොයිඩරි කලාව සුවිශේෂී එකක් ලෙස දැක්විය හැකියි.

රිබන් එම්බ්‍රොයිඩරි භාවිතයෙන් කාන්තා සහ ළමා ඇඳුම්, බිත්ති සැරසිලි, කුෂන් කවර, අත් බෑග්, අත් පසුම්බි වැනි දෑ බහුල වශයෙන් අලංකාර කරගනී. බිත්ති සැරසිලි ලෙස භාවිත කෙරෙන දර්ශන ඉතාමත් අලංකාර ලෙස ස්වාභාවික පෙනුම ඉස්මතු වන සේ නිර්මාණය කිරිමට රිබන්වලට ඇත්තේ අපූර්ව හැකියාවකි.

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ශිරන්ති පෙරේරා

(Tharunie)