Saturday, May 04, 2024
Follow Us
සැරසිල්ලට අගනා හැඩකාර බිඟුහරයා

අවශ්‍ය ද්‍රව්‍ය

 

ක‍‍්‍රීම් හෝ සුදු වර්ණ ලිනන් හෝ කපු

රෙදි

කහ, තැඹිලි, ගින්දර පැහැය, නිල්,

පීකොක් බ්ලූ (මොනර නිල්). කොළ, කළු,

සුදු, අළු ආදී වර්ණවල කැරැලි නූල්

ක‍‍්‍රිවල් නොම්බර 10 ඉඳීකටු

පැන්සලක්

ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළයක්

නිර්මාණය කිරීම

නිර්මාණයට අදාළ දළ සටහනක් ලබාදී තිබේ. එය අවශ්‍ය ප‍‍්‍රමාණයට සරිලන ලෙසින් විශාල කර ඡායා පිටපතක් ලබාගන්න. ලිනන් රෙදි කොටස ගෙන ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළය තබා දළ සටහන රෙදි කොටස මතට පිටපත් කරගන්න. පළමුව අපි නිර්මාණය වටේ අවුට් ලයින් කරගනිමු. සම්පූර්ණ කුරුල්ලා දී ඇති රේඛා දිගේ ස්ප්ලිට් මැස්මෙන් නූල් පොටක් හෝ දෙකක් ගෙන වටේ අවුට් ලයින් කරගන්න.

දැන් අපි නිර්මාණයේ ඇතුළත කොටස් පුරවන ආකාරය බලමු. මේ නිර්මාණය සම්පූර්ණයෙන් මසා ඇත්තේ දිගකොට මැස්මෙනි. නූල් දෙපොටක් භාවිතකර දිග කොට මැස්මෙන් පුරවාගන්න. හොට කව හා අළු වර්ණ මිශ්‍රකරගනිමින් දිගකොට මැස්මෙන් මසාගන්න. ඇසට ප්ලාස්ටික් ඇසක් සවි කර එය වටේ සැටින් මැස්මෙන් මසාගන්න. හිස කහ , තැඹිලි, ගින්දර පැහැය ආදිය භාවිත කරමින් දිගකොට මැස්මෙන් පුරවාගන්න. මුහුණේ පහළ කොටස නිල්, කහ, කොළ හා කළු වර්ණය භාවිතකර මසන්න. පියාපත් මෙහි දැක්වෙන ලෙස වර්ණ භාවිත කරමින් මසාගත යුතුයි. පහත පිහාටු නිල් , කොළ හා පීකොක් නිල් භාවිත කරමින් මසන්න. පෙඳය කළු හා අළු වර්ණය මිශ්‍රකරමින් මසාගත යුතුයි. ගසේ කඳ අළු, දඹුරු, සුදු වර්ණ මිශ්‍ර කරමින් මසා එහි උඩ අළු පැහැයෙන් ප්‍රංශ ගැට මසාගන්න. මෙහි දැක්වෙන නිර්මාණය දෙස බලමින් කොටස් වෙන් වී පෙනෙන ලෙස මසාගැනීමට සැලකිලිමත් වන්න.

(Tharunie)