Wednesday, April 24, 2024
Follow Us
නැප්තෝල් බතික් ක්‍රමයෙන් නිර්මාණ වර්ණ ගන්වන්නේ මෙහෙමයි.

බතික් කලාව හ බතික් කලාව හැදෑරීමට ඔබට මඟ කියන අපගේ බතික් පාඩම් මාලාවෙහි පසුගිය පාඩම් වලදී අප ඔබට වැට් ඩයි ක්‍රමය පිළිබඳ කියාදුන්නෙමු.

අද අප ඔබට හඳුන්වා දෙන්නේ ප්‍රධාන බතික් ක්‍රම තුන අතරින් එකක් වන නැප්තෝල් බතික් ක්‍රමය පිළිබඳවයි.

නැප්තෝල් බතික් ක්‍රමය යනු රසායනික ද්‍රව්‍ය සමග ඩයි එකතු කිරීමෙන් සිදු කරනු ලබන බතික් ක්‍රමයයි. නැප්තෝල් ක්‍රමයේදී සැදිය හැකි වර්ණ ප්‍රමාණය ඉතා විශාල පරාසයක් තුළ පවතියි. එබැවින් නැප්තෝල් බතික් ක්‍රමය නිවැරැදිව හැදෑරීම මගින් ඉතාමත් වර්ණවත් සහ අලංකාර බතික් ඇඳුම් වැනි දැ නිර්මාණය කර සාදා ගැනීමට ඔබට ඉඩ සැලසෙනු ඇත.

 

අවශ්‍ය ද්‍රව්‍ය

නැප්තෝල් ග්‍රෑම් 50 යි (Napthol)

ඇල් ජලය මිලි ලීටර් 200 යි

වයින් ස්ප්‍රීතු (Wine spirit)

මිලි ලීටර් 50 යි

කෝස්ටික් සෝඩා (Caustic Soda) මේස හැඳි 2 යි

උණුසුම් ජලය මිලි ලීටර් 200 යි

ලුණුකැට (Salt) ග්‍රෑම් 250 යි

VIP දියර මේස හැඳි 6 ක්

ඩයි ග්‍රෑම් 100 ක්

නැප්තෝල් ඩයි සාදා ගැනීම සඳහා භාජන 3ක් (ජලට ලීටර් 6 -10 පිරවු බාත් (Bath )3 ක් අවශ්‍ය වේ)

1 වන බාත් එක - නැප්තෝල් සඳහා

2 වන බාත් එක - ලුණු දියකර ගැනීම සඳහා

3 වන බාත් එක - ඩයි(ච්රඥ) දැමීම සඳහා

මුලින්ම පසුගිය පාඩම් වලදී ඔබ ඉගෙන ගත් පරිදි ඔබ කැමැති මෝස්තරයක් රෙද්දකට පිටපත් කර ඉටි කර ගන්න. ඉන්පසුව ඔබ ඉටි කරගත් නිර්මාණය පිරිසිදු ජලයේ පොඟවා ගන්න ( මේ සඳහා අප ඉදිරිපත් කළ පෙර පාඩම් යළි අධ්‍යයනය කරන්න )

නැප්තෝල් බාත් එක සාදා ගැනීම (Napthol Bath)

භාජනයක් ගෙන එයට නැප්තෝල් ග්‍රෑම් 50 ක් සහ වයින් ස්ප්‍රිතු මිලි ලීටර් 50 දමා දියකර ගන්න. තවත් භාජනයකට කෝස්ටික් සෝඩා මේස හැඳි 2 ක් දමා උණුසුම් ජලය මිලි ලීටර් 200 දමා හොඳින් දියකර ගන්න. ඉන් පසුව කෝස්ටික් සෝඩා ද්‍රාවණය නැප්තෝල් ද්‍රාවණය එකම බඳුනකට දමා මිශ්‍ර කරගන්න. අවසානයේ අප කලින් සාදාගත් නැප්තෝල් බාත් එකට ( ජලය ලීටර් 6 - 10 පිරවූ ) නැප්තෝල් සහ කෝස්ටික් සොඩා මිශ්‍රකර සාදාගත් ද්‍රාවණය දමා හොඳින් මිශ්‍රකර ගන්න. අවසානයේ එයට ඍධ්ර්‍ථ දියර මේස හැඳි 3 දමා මිශ්‍රකර ගන්න.

ලුණු බාත් එක සාදා ගැනීම (Salt Bath)

ලුණු කැට ග්‍රෑම් 250 ගෙන ලුණු දියකර ගැනීමට වෙන්තර ඇති බාත් එකට දමා හොඳින් දියකර ගන්න.

ඩයි බාත් එක සාදා ගැනීම (Dye Bath)

නැප්තෝල් බතික් ක්‍රමයේදී ඩයි (වර්ණ) එක සාදා ගැනීමට එකට දෙක (1:2) අනුපාතයට නැප්තෝල් සහ ඩයි එක්කළ යුතුය. එනම් නැප්තෝල් ග්‍රැම් 50 ක ප්‍රමාණය සඳහා ඩයි ග්‍රෑම් 100 ක් අවශ්‍ය වේ.

විශේෂ - රතු සහ කළු වර්ණයන් (Black k/ Red) සාදා ගැනිමේදී එකට තුන (1:3) අනුපාතයට සාදාගත යුතුය.

මෙහිදී ඉතා දීප්තිමක් රතු හා කළු වර්ණ ලබගත හැකිය.

ජායාරූප - ආසිරි උපේන්ද්‍ර ඩයස්

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

(Tharunie)