Friday, April 26, 2024
Follow Us
ඔබට වටිනාකමක් ගෙන දෙන පැච්වර්ක් කලාව

තරුණී මැහුම් පොත හරහා අද විමසුමට ලක් කරන්නේ පැච්වර්ක් කාලව හදෑරීමේ මූලික පියවරයි. ඇඳුම් හෝ වෙනත් දේවල් මසා ඉතිරිවන රෙදි කැබලිවලින් පාන හරඹය අපිට පැච්වර්ක් කලාවෙන් දැකගත හැකියි.

අරපිරිමැස්ම අගයන සෑම ගෘහණියක්ම මේ කලාව පිළිබඳ දළ හෝ අවබෝධයක් ලබාගන්නේ නම් නිවෙසට අවශ්‍ය වන අත්පිස්නා, කුෂන්, කොට්ට උර, ටේබල් මැට්, මේස රෙදි, පොට් හෝල්ඩර්, පාපිසි, ඇඳ රෙදි, බිත්ති සැරසලි, බෑග්, සැහැල්ලු සෙල්ලම් බඩු ආදී බෝහෝ දේවල් තම දෑතින්ම නිර්මාණය කරගත හැකියි.

එමෙන්ම කුඩා රෙදි කැබැල්ලක් හෝ ඉවත නොදමා එයින් ප්‍රයෝජනයක් ගන්නට පැච්වර්ක් කලාව ඔබට මඟ පාදයි.

අත මිට සරුකරන ස්වයං රැකියාවකට මඟ පාදාදෙන මේ කලාව කාන්තාවක විසින් දැන උගත යුතුම කලාවකි.

පවුලේ ආර්ථිකයට අත්වැලක් දෙන කාන්තාවක් වන්නට, පවුලේ අරපිරිමැස්ම නිසාම දියුණුවන්නට කැමැති ළඳුන්ටයි මේ මඟ පෙන්වීම...

පැච්වර්ක් කලාවත් සමග ඔබ නිසැකවම නිවෙසට මිණි පහනක් වේවි.

-----------------

කුවීල්ට් කිරීම

පැච්වර්ක් නිර්මාණයක් කුවීල්ට් කිරීම සාමාන්‍ය සිරිතයි. කුවීල්ට් කිරීම යනුවෙන් හඳුන්වන්නේ ඔබේ නිර්මාණය පැඩිං හා යටින් ලයිනිං තබා මේ තුනම එකතුකර මහන මැස්මයි. පැඩිං තෝරාගනීමේ දී පොලියෙස්ටර් පැඩිං තෝරාගැනීට සැලකිලිමත් වෙන්න. කුවීල්ට් කිරීම අතේ හෝ මැෂිමේ කළ හැකියි.

අතේ කුවීල්ට් කිරීම

අතේ කුවීල්ට් කිරීම පැරැණිතම කලාවකි. එහි වටිනාකම වැඩිය. නමුත් ඒ සඳහා සෑහෙන කාලයක් ගත කළ යුතුයි. ඒ නිසා බොහොමයක් දෙනා ප්‍රමාණයෙන් විශාල නිර්මාණ මැෂිමේ කුවීල්ට් කරන අතර ඉතා කුඩා නිර්මාණ පමණක් අතේ කුවීල්ට් කරයි. සමහරු සියලු නිර්මාණ මැෂිමේම කුවීල්ට් කරති. කුවීල්ට් කිරීමේ දී ඔබේ නිර්මාණයට යටින් පැඩිං හා ඊළඟට අනිවාර්යයෙන්ම ලයිනිං තිබිය යුතුයි. මෙම කොටස් තුන පිළිවෙළට තබා අතේ නූල් ඇදගන්න. කුවීල්ට් කරගැනීම සඳහා මැසීමට නූල් භාවිත කළ යුතු අතර ඒ සඳහා හොඳ නූල් භාවිත කිරීමට සැලකිලිමත් වෙන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ පැච්වර්ක් නිර්මාණ උපදේශිකා

තරංගා ද සිල්වා

(Tharunie)