Saturday, May 18, 2024
Follow Us
එම්බෝස් ක්‍රමයෙන් කුෂන් කවරයට

විවධ ක්‍රමවලට අපිට එම්බ්‍රොයිඩරි නිර්මාණ කළ හැකියි. ඒ අතර ත්‍රිමාණ කලාවන් කිහිපයකි. එම්බෝස් ක්‍රමය ද ඉන් එක් ක්‍රමයකි. මේ එසේ එම්බෝස් ආකාරයෙන් නිර්මාණය කළ අපූරු මල් පොකුරකින් කුෂන් එකකට ලැබී ඇති එළියයි.

එම්බ්‍රොයිඩර් මැහුම් කලාවේ නිරත වන ඔබ අත විවිධ වර්ණ නූල් කැබලි ඕනෙ තරම් තිබිය හැකියි. එම නූල් කැබලි එක්කර ගනිමින් අලුත්ම ආරකින් නිම කළ මෙවැනි කුෂන් කවරයක් ඔබත් නිර්මාණය කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු පැහැති සෙටින් රෙදි කොටසක්

සුදු පැහැති ඕගන්දි රෙදි කොටසක්

පසුබිම සඳහා අඟල් 18×18 සුදු රෙද්දක්

මසා ඉතිරි වූ වර්ණ නූල් (පර්ල් කොට්න්/කපු කැරැලි)

අවුට් ලයින් මැසීමට පර්ල් කොට්න් නූල්

එම්බ්‍රොයිඩර් රාමුවක් සහ කතුරක්

රෙදි අලවන ගම්

ටූත් පික් එකක්

ලයිනිං සඳහා රෙදි

පැඩිං

නිර්මාණය කිරීම

පළමුවෙන්ම ඕගන්දි රෙදි කොටස මත දී ඇති රූප සටහන පිටපත් කරගන්න. දැන් ඕගන්දි කොටසට යටින් සෙටින් රෙද්ද තබන්න. වටේට අල්පෙනෙති ගසා ගන්න. නැතිනම් නූල් ඇදගන්න. දැන් මුලින් ඇඳගත් මල් සියල්ලේම අවුට් ලයින් වටේට පිස්මේන්තු මැස්ම (ආපසු මැස්ම) මසාගන්න. නටු මැසීම සඳහා නටු මැස්ම යොදාගන්න. මෙහි ඇති කුඩා ඉති පිහාටු මැස්මෙන් මසාගන්න. කුඩා මල් පෙති මාළු කටු මැස්මෙන් මසාගන්න. ලොකු මල්වල මැද අවුට් ලයින් එක වෙන වෙනම පිස්මේන්තු මැස්මෙන් මසාගන්න. මල් මැදට ප්‍රංශ ගැට මැසිය යුතු අතර එය මසා ගත යුත්තේ මල් පෙතිවලට නූල් පුරවා අවසන් කළ පසුවයි.

 

උපදෙස් ප්‍රවීණ අත්කම් නිර්මාණ

ශිල්පිනී

සාගලී ලියනගේ

(Tharunie)