අවශ්‍ය ද්‍රව්‍ය
බිම්මල් ග්‍රෑම් 250ක් (පෙති කපාගත්)
බටර් මේස හැඳි 2ක්
කැරට් ගෙඩියක් (කුඩා කැට කපාගත්)
අර්තාපල් ගෙඩියක් (කුඩා කැට කපාගත්) කැමැත්ත පරිදි මාළුමිරිස් ද එකතු කර ගත හැකිය.
ලොකු ලූනු ගෙඩියක් සහ සුදුලූනු බික් 3ක් (සිහින්ව කපාගත්)
චිකන් රසැති ස්ටොක් වතුර හෝ වතුර කෝප්ප 1 1/2ක්
ෆ්‍රෙෂ් ක්‍රීම් (Fresh Cream) හෝ කිරි කෝප්ප 1/2ක්
ගම්මිරිස් කුඩු සහ ලුණු අවශ්‍ය පමණට
පාස්ලි (Parsley) හෝ සිහින්ව ලියාගත් ලූනු කොළ ස්වල්පයක් (අතිරේක සුවඳ සඳහා)
සාදාගන්නා ආකාරය
පෑන් එකකට බටර් දමා දිය කරගන්න. එයට ලූනු සහ සුදුලූනු එකතු කර සුවඳ එන තුරු බදින්න.
එයට කැරට් සහ අර්තාපල් කැට එකතු කර මෘදු වන තුරු විනාඩි 3ක් පමණ තෙම්පරාදු කරන්න.
දැන් බිම්මල් එකතු කර බිම්මල්වලින් වතුර එන තුරු මඳක් බදින්න.
ස්ටොක් හෝ වතුර ටිකෙන් ටික එකතු කරමින් කලවම් කරන්න.
එළවළු සහ බිම්මල් හොඳින් තැම්බී හොද්ද මඳක් ඝන වන තුරු අඩු ගින්දරේ පියනක් තබා පිසගන්න.
අවසානයට ෆ්‍රෙෂ් ක්‍රීම් (හෝ කිරි), ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර ළිපෙන් ඉවත් කරන්න. උඩින් පාස්ලි හෝ ලූනු කොළ ඉස පිළිගන්වන්න.
(කැමැත්ත පරිදි ෆ්‍රෙෂ්ක්‍රීම් එකතු නොකර තක්කාලි සෝස් එකතු කර රස විඳිය හැකිය.)
Tharunie