Saturday, May 10, 2025
Follow Us

ලස්සන වෙන්න, බර අඩු කරගන්න කවුද අකමැති. ඒත් ඩයට් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොනවද කන්නෙ බොන්නෙ කියන එක. ඉතිං එහෙම හිතන අයට අපි අද කියන්නේ හොඳම සුප් එකක් ගැන. මේ සුප් එක පවුලේ හැමෝම ලස්සන කරන්න වගේම පවුලේම පෝෂණයටත් වැදගත්. ඒ වගේම අඩුම වියදමකින් මේ සුප් එක හදාගන්නත් පුළුවන් වීම විශේෂයි. මේ තමයි රුව රකින වට්ටක්කා සුප්.

ඕනේ වෙන දේවල්.

වට්ටක්කා අවශ්‍ය ප්‍රමාණයට

සිහින්ව කපාගත් ලොකු ලූනු

සුදු ලූනු

කුකුළු මස්

කුකුළු මස් තම්බාගත් වතුර

ලුණු

ගම්මිරිස්

කරපිංචා

හදන්නේ මෙහෙමයි.

01. මුලින්ම වට්ටක්කා පොතු හැර, වතුර ටිකක් වැඩියෙන් දමා හොඳින් තම්බා ගන්න.

02. මේ අතරේම ලුණු, ගම්මිරිස්කුඩු එක් කර කුකුළු මස් තම්බා ගන්න.

දැන් වට්ටක්කා තැම්බුණු පසුව එය පෙරා වෙන් කරගන්න.

03. කුකුළු මස් තම්බා ගත් වතුර වෙනම ගෙන මස් කැබලි කරගන්න.මෙහිදී කුකුළු මස් කටු ඉවත් කරගන්න. (මේ සඳහා ඕ‍ෙනම මස් වර්ගයක් ගන්න පුළුවන්.)

04. දැන් තෙල් ස්වල්පයක් රත් කර කපාගත් ලූනු සහ තළා ගත්

සුදු ලූනු ,කරපිංචා තෙල් සමඟ බැද ගන්න. දැන් සිහින්ව කැබලි ලෙස වෙන්කරගත් කුකුළු මස් ඊට එක් කර හොඳින් කවලම් කර ගන්න.

05. දැන් තම්බාගත් වට්ටක්කා එකට කුකුළු මස් තැම්බූ වතුර (ස්ටොක්) එක එක් කර බ්ලෙන්ඩර් කර ගන්න.

06. බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය ළිප තබා ඊට බැදගත් ලූනූ, සුදු ලූනූ සහ කරපිංචා ඇතුළත් මිශ්‍රණය එක් කර හොඳින් කවලම් කරගන්න.

07. නයි මිරිස් කරල් දෙකක් කුඩාවට කපා එක් කිරීමෙන් සුප් එක තවත් කරගන්නත් පුළුවන්.

දැන් රසවත් වට්ටක්කා සුප් එකේ රස විඳගන්න

රාත්‍රි ආහාරයට ගන්නවානම් රෝස් පාන් එකකුත් එකතුකර ගන්න පුළුවන්. ඩයට් කරනවනම් ඉතින් සුප් එක විතරක්ම ප්‍රමාණවත්.

 

Tharunie