Tuesday, April 29, 2025
Follow Us
ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය දේවල්:

බත් කප් 2ක් (පමණට ලුණු දමා තම්බාගත්)

ඉස්සන් ග්‍රෑම් 200ක් (පිරිසුදු කර ලුණු සහ ගම්මිරිස් තැවරූ)

කැරට් කප් 1ක් (සිහින්ව දිගට කූරු කපාගත්)

ලීක්ස් කප් 1/2ක් (රවුමට කපාගත්)

සුදුලූනු මේස හැන්දක් (තළාගත්)

ලූනු කප් 1/4 (පෙති කපාගත්)

බිත්තර 1ක් (බීට් කරගත්)

ලුණු තේ හැන්දක්

ගම්මිරිස් තේ හැඳි 1/2ක්

කෑලි මිරිස් හැන්ඳක්

තෙල් කප් 1/4ක්

සාදාගන්නා ආකාරය:

01. සාස්පානක් (පෑන් එකක්) ලිප තබා තෙල් එක්කරන්න.

02. එයට ඉස්සන් එකතුකර හොඳින් දෙපසම බැඳගන්න. බැඳුණු ඉස්සන් පිඟානකට ඉවත් කරගන්න.නැවත්තන් එම සාස්පානම ලිප තබා, එයට සුදුලූනු එකතු කරන්න.

03. සුදුලූනු විනාඩියක් පමණ බැදෙන විට ලූනු එකතුකර තවත් විනාඩියක් බැඳගන්න.

04. එයට බීට් කරගත් බිත්තරය එකතුකර ස්ක්‍රැම්බල් කරගන්න. ස්ක්‍රැම්බල් කළ බිත්තරය ලූනු හා සුදුලූනුවලට එකතුකර කළවම් කරගන්න.

05. කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් එකතු කර කළවම් කර විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න.

06. එයට ලීක්ස් එකතු කර කළවම් කරගන්න.

07. බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5ක් පමණ හොඳින් බත බැදගන්න.

08. අවසානයේ බැදගත් ඉස්සන් එකතු කර ළිපෙන් ඉවත්කරගන්න.

 

Tharunie