අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී සහල් ග්‍රෑම් 500ක්
බී ලූනු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 3ක්
ගිතෙල් මේස හැඳි 3ක්
වියළි කජු මද 10 – 12ක්
අඟලක පමණ කුරුඳු කැබැල්ලක්
එනසාල් 3 – 4ක්
බේ කොළ 2ක්
අඹරාගත් ඉඟුරු තේ හැඳි 1ක්
අඹරාගත් සුදුලූනු තේ හැඳි 1ක්
ඇසුරුම් කළ පොල් කිරි කෝප්ප 1 1/2ක්
කොත්තමල්ලි කොළ
රස අනුව ලුණු
සාදන ක්‍රමය
බාස්මතී සහල් විනාඩි 30ක් පමණ පෙඟෙන්නට හරින්න. බී ලූනු පෙති කපාගන්න. අමුමිරිස් දෙකට මැදින් පළන්න.
භාජනයක් ලිප තබා රත් වූ පසු ගිතෙල් දමා එයට වියළි කජු එකතු කර රන්වන් පැහැය වනතෙක් බැදගන්න. එය ඉවත් කර එම භාජනයටම කුරුඳු, එනසාල්, බේ කොළ සහ කපාගත් බී ලුනු, අමු මිරිස් එකතු කර විනාඩි 2 – 3ක් පිසගන්න. දැන් එයට ඇසුරුම් කළ පොල්කිරි දමා හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් එයට පොඟවාගත් සහල් දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර පියනකින් වසා පිසගන්න. පිළිගැන්වීමට පෙර බැදගත් කජු සහ සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මිශ්‍ර කරන්න.
Tharuni