Friday, January 23, 2026
Follow Us
පැළ බෝංචි සලාදය

ඇට වර්ග පැළවෙන්නට තබා ඒවා ආහාරයට ඉතා ගුණදායකයි. මේ පැළ වූ බෝංචි ඇට සැලඩ් එකකි.

අවශ්‍ය ද්‍රව්‍ය:-

පැළ වූ බෝංචි ග්‍රෑම් 100ක්

පිපිඤ්ඤා ග්‍රෑම් 50ක්

පැසුණු අඹ ගෙඩියක්

මාළුමිරිස් කරල් 02ක්

සැල්දිරි මේස හැඳි 01ක්

කොත්තමල්ලි කොළ මේස හැඳි 01ක්

දෙහි මේස හැඳි 01ක්

රස අනුව ලුණු

ගම්මිරිස් ස්වල්පයක්

සීනි තේ හැන්දක්

සාදන ක්‍රමය :-

1. පැළ වූ බෝංචි (බීන් ස්ප්‍රෞට්) ටික උණු වතුරට දමා පෙඟෙන්නට හැර පෙරාගන්න.

2. පිපිඤ්ඤා සහ අඹ ගෙඩිය පොතු ඉවත්කර කුඩා කොටුවලට කපාගන්න.

3. මාළු මිරිස් කරල්වල ඇට ඉවත් කර කොටු කපා ගන්න.

4. කපා ගත් ද්‍රව්‍ය එකට මිශ්‍ර කරන්න. පසුව සැල්දිරි, කොත්තමල්ලි කොළ, දෙහි යුෂ, සහ පැළ වූ බෝංචි, ලුණු, ගම්මිරිස්, සීනි යනාදිය දමා හොඳින් මිශ්‍ර කරන්න.

Tharunie