අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 4ක්
පාන් පිටි ග්‍රෑම් 55ක්
සීනි ග්‍රෑම් 85ක්
වැනිලා තේ හැඳි 1ක්
බේකිං පවුඩර් තේ හැඳි 1ක්
චොකලට් පවුඩර්
ග්‍රෑම් 20ක් (මේස හැඳි 2ක්)
කේක් තැටියට ඔයිල් පේපර් එකක්
කිචන් ටවල් එකක්
කේක් එක සඳහා
බටර් ග්‍රෑම් 50ක්
අයිසිං සීනි ග්‍රෑම් 150ක්
මුලින්ම කේක් තැටියට ඔයිල් පේපර් එකක් දමා ගන්න. අවන් එක සෙල්සියස් අංශක 175 ට විනාඩි 10ක් රත් කර ගන්න. පිටි ටිකට බේකිං පවුඩර්, චොකලට් කුඩු දමා හලා ගන්න.
බිත්තර සුදුමද, කහමද වෙන් කරගෙන සුදුමදවලට සීනි ග්‍රෑම් 45ක් දාලා හොඳට බීට් කර ගන්න.
කහමදවලට ඉතුරු සීනි ටික දමා බීට් කරගෙන එයට වැනිලා ද එකතු කර බීට් කරන්න.
දැන් සුදුමද බිත්තර මිශ්‍රණයට කහමද මිශ්‍රණය පත්තකින් හිමින් එකතු කරන්න.
බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හැන්දකින් කලවම් කරගන්න.
දැන් පිටි මිශ්‍රණය කලින් හදාගත් කේක් තැටියට දාන්න.
දැන් මේක කලින් රත් කරගත් අවන් එකට දාලා විනාඩි 15 ක් බේක් කර ගන්න.
දැන් බටර් ටික, අයිසිං සීනී ටික හොඳින් බීට් කරගෙන බටර් අයිසිං එක හදා ගන්න.
කේක් එක බේක් වුණාට පස්සේ අවන් එකෙන් එළියට අරන් කිචන් ටවල් එකක් එළලා ඒක උඩට සීනි ටිකක් දාලා කේක් එක අනිත් පැත්ත හරවා ටවල් එක උඩට දමන්න.
මඳ වෙලාවක් නිවෙන්න තබා සකසා ගත් අයිසිං ටික එහි තවරා රෝල් කර ගන්න. පැය කීපයක් ශීතකරණයේ තියලා රස බලන්න.
Tharunie