Wednesday, January 22, 2025
Follow Us
චිකන් කලුපොල් මාලුව එකපාරක් හදල බලන්න

අවශ්‍ය ද්‍රව්‍ය :
චිකන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක්
තුන පහ
මිරිස් කුඩු
කහ කුඩු
ගම්මිරිස් කුඩු
අමු මිරිස් කරල් කිහිපයක්
හෝ සියඹලා
සුදුලූනු බිකි කිහිපයක්
කරපිංචා ස්වල්පයක්
ලූනු
රම්පෙ කැබැල්ලක්
අමු ඉගුරු කැබැල්ලක්
ලුනු කුඩු
බඳගත් හාල් සහ පොල් ස්වල්පයක්
සාදන ආකාරය :

මුලින්ම චිකන් ටික තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කැබලි වලට කපා සෝදගන්න..
ඊට පස්සෙ තාච්චියට මිරිස් තුනපහ දමා හොදට බැදගන්න..හැබැයි මේක ගොඩක් කලු කරගන්න එපා...තිත්ත වෙනවා...මද ගින්දරේ බැදගන්න...
ඒක බැඳලා ඉවර උනාට පස්සෙ අර හාල් මිට සහ පොල් ස්වල්පයත් හොඳින් රන්වන් පැහැ වෙනකන් බැඳගෙන මිරිස් ගලේ හොඳින් කුඩු වෙනකන් අඹරගන්න..
ඊට පස්සෙ මේ බැදගත් තුනපහ සහ මිරිස් කුඩු ටික සහ හාල් සහ පොල් අඹරගත් මිශ්‍රණය අර චිකන් එකට දාන්න..
ඒකටම කහකුඩුයි අවශ්‍ය ප්‍රමාණයට ලුනුයි දාලා හොදට අත ගාලා විනාඩි 10ක් විතර අරන් තියෙන්න.
සුදුලූනු බී ලූනු අමු මිරිස් ගම්මිරිස් වංගෙඩියේ හොදට තලා ගන්න...
අපු ඉගුරුත් තලා ගන්න...
පස්සෙ හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා රත් වෙන්න තියෙන්න..
තෙල් රත් වීගෙන එද්දි ඒකට අර තලා ගත්ත සුදු ලූනු අමු ඉගුරු මිශ්‍රණය සහ කරපිංචා රම්පේ තෙලට දාන්න.ඊට පස්සෙ ඒකට අර චිකන් ටික දාල හොද කලවම් කරන්න...
ඒකට ඔයාලා කැමති නම් හරි සියඹලා හරි දාන්න තමන්ට ඇඹුල් ඕන විදියට ...ලුනුත් තමන්ට අවශ්‍ය පරිදි දාගන්න...
වතුර ගොඩක් දාගන්න එපා....වතුර පොඩ්ඩක් දාලා මදගින්නෙ තැම්බෙන්න හරින්න....නැත්නම් බොරේට එන්නෙ නෑ...අමුමිරිස් සුදු ලූනු ලූනූ ගම්මිරිස් එකට තලා ගෙන දාපුවම බොරේට එනවා හොද්ද.....

තව එකක් ඔයාලා කැමති නම් තෙල් දාන්න..නැත්නම් එපා...තෙල් නොදත් මේක හදා ගන්න පුළුවන් ..
මං කැමති මේ විදියට ..ගොඩක් අය තෙල්වලට කැමති නෑ..ඒ අයට තෙල් නොදා මේක හදාගන්න පුළුවන්..

-උපුටා ගැනීමකි