Wednesday, January 22, 2025
Follow Us

අවශ්‍ය ද්‍රව්‍ය

ලුණු රහිත බටර් කෝප්ප 1ක්

දුඹුරු සීනි කෝප්ප 1ක්

විශාල බිත්තර 4ක්

දොඩම් යුෂ කෝප්ප 1/2ක්

වැනිලා මේස හැදි 1ක්

කේක් පිටි කෝප්ප 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 1ක්

කුරුඳු කුඩු තේ හැදි 1ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/2ක්

ලුණු තේ හැඳි 1/2ක්

මිශ්‍ර වියළි පලතුරු වර්ග කීපයක් එකට එකතු කළ කෝප්ප 2ක් (උදා: වියළි මිදි, ගෝල්ඩන් රේසින්, කැන්බෙරි, ස්ට්‍රෝබෙරි, ඇප්‍රිකොට්, Tutti fruiti වගේ පලතුරු කැබලි )

විවිධ නට් කෝප්ප 1 (උදා: walnuts, almond, cashew)

(එකම සමාන කෝප්පයක් මිනුම් සඳහා ගන්න)

සාදන ක්‍රමය

ඔබේ අවන් එක සෙල්සියස් අංශක 163කට විනාඩි 10-15ක් රත් වෙන්න හරින්න. පාච්මන්ට්/තෙල් කඩදාසි දමා කැමති හැඩයකට කේක් තැටි සූදානම් කරගන්න. (කිලෝ ග්‍රෑම් එකක තැටියක)

මුලින් තෙත් අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න

විශාල භාජනයක් තුළ බටර් සහ දුඹුරු සීනි සිනිඳු ක්‍රීම් එකක්වන තෙක් බීට් කරන්න. බිත්තර එකින් එක එකතු කරන්න. එක් එක් බිත්තරය එකතු කිරීමෙන් පසු හොඳින් බීට් කරන්න. දොඩම් යුෂ සහ වැනිලා කලවම් කරන්න.

වියළි අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න.

වෙනත් භාජනයක් තුළ පිටි, බේකිං පවුඩර්, කුරුඳු, සාදික්කා සහ ලුණු මිශ්‍ර කරන්න.

ක්‍රමයෙන් තෙත් මිශ්‍රණයට වියළි අමුද්‍රව්‍ය එකතු කරන්න, හොඳින් පත්තකින් මිශ්‍ර කරන්න. වියළි පලතුරු සහ නට් වර්ග කොටසක් දමා මිශ්‍ර කරන්න.

බේක් කිරීම:

කේක් මිශ්‍රණය තැටියට වත් කරන්න. ඉතිරි කරගත් වියළි පලතුරු හා නට්වල අනිත් කොටස සැරසීමට උඩින් එකතු කරන්න.

සෙල්සියස් අංශක 163ක උෂ්ණත්වයේ පැයක් බේක් කරන්න. මැදට කූරක් ගසා බැලූ විට එය පිරිසිදුව පිටතට එනවනම් හොඳින් බේක් වෙලා.

සිසිල් කිරීම

පලතුරු කේක් එක අවන් එකෙන් එළියට ගෙන එහෙමම විනාඩි 10 ක් තුළ කේක් තැටියෙම සිසිල් කිරීමට ඉඩ දෙන්න. පසුව සම්පූර්ණයෙන්ම සිසිල් කිරීම සඳහා කේක් තැටියෙන් කම්බි රාක්කයකට මාරු කරන්න.

Tharunie