වැඩි දෙයක් නැතිව ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසපි එකක් පහසුවෙන් හදා ගන්න පුළුවන් වගේම හරි ම රසක් ගෙන දෙනවා.
රට ළුණු ගෙඩි 3,4
රට කජු 100g
හාල්මැස්සන් ටිකක්
කරපිංචා ඉත්තක්
මුරුංගා කොළ ටිකක්
වේලිච්ච මිරිස් කරල් 5, 6
සුදු ළුණු ගෙඩියක්
කෙසෙල් මුව කපා ලුණු වතුරට දමා හොඳින් මිරිකා ගන්න
මේ සියල්ලම වෙන වෙනම බැද ගන්න.
භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා කෑලි මිරිස් මේස හැදි දෙකක් දමා ටිකක් බැද ගන්න .
ලිපෙන් බා ගෙන එකටම සීනි ටිකක් , ලුණු අවශ්ය තරමට දමා හොඳින් කලවම් කරගන්න ..
ඊට පස්සේ බැඳ ගත්ත සියලුම දේ දමා හොඳින් කලවම් කරගන්න ..
- ලලනි නිශා .