Thursday, September 12, 2024
Follow Us

ඕට්ස් කියන්නේ එතරම් රසවත් ආහාරයක් නෙවෙයිනේ. හැබැයි ගුණෙන් හරි ඉහළයි.

ඒ නිසයි පොඩ්ඩන්ගේ කෑම වර්ග අතර ඕට්ස් ආහාර ප්‍රමුඛත්වයක් ගන්නේ. හැමදාම කිරි ටිකක් එකතුකරලා හදන ඕට්ස් එකට මේ විදිහට වෙනසක් එකතු කරගෙන බලමු. මේ සඳහා ආමන්ඩ් කිරි කෝප්ප 1ක්, ඕට්ස් කෝප්ප 1ක්, පොඩිකර ගත් කෙසෙල් ගෙඩියක්, පීනට් බටර් මේස හැඳි 2ක්, මීපැණි මේස හැඳි 2ක්, වියළි මිදි ස්වල්පයක්, කිවි ගෙඩියකින් පෙති දෙකක් සහ කෙසෙල් පෙති කිහිපයක් අවශ්‍යයි.

මුලින්ම පීනට් බටර් හා පැණි එකට කලවම්කර ගන්න. මේක අඩු ගින්දරේ ළිපේ තියලා හැඳිගාන්න. 

වෙනම බෝල් එකකට ඕට්ස්, ආමන්ඩ් කිරි සහ කෙසෙල් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න. මේකට රත්කර ගත් පැණි මිශ්‍රණය දාගන්න. හොඳට කලවම් කරලා අඩු ගින්දරේ විනාඩි 10ක් පිසගන්න. ඉන්පසු ළිපෙන් බා භාජනයකට වියළි මිදි එක්කරගෙන කිවි පෙති සහ කෙසෙල් පෙති එකතුකොට සරසා ගන්න.

Tharunie