Wednesday, January 07, 2026
Follow Us
රේන්බෝ මෑෂ් සැන්ඩ්විච්

පාට පාට සැන්ඩ්විච් එකක් දකිද්දී කාටද රස බලන්න හිතෙන්න නැත්තේ. පොඩ්ඩෝ පාටවලට වැඩි ප්‍රියතාවයක් දක්වන නිසා පාට පාට මේ රස සැන්ඩ්විච් එක හරි ආසාවෙන් රස බලාවී.

මේ සඳහා පෙති පාන් ගෙඩියක්, කැරට් ග්‍රෑම් 200ක්, බීට්රූට් ග්‍රෑම් 200ක්, සලාද කොළ ග්‍රෑම් 100ක්, අබ ක්‍රීම් මේස හැඳි 2ක්, බටර් ග්‍රෑම් 200ක්, ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුණු අවශ්‍යයි.

මුලින්ම කැරට් සහ බීට් වෙන වෙනම තම්බාගන්න. ඒකට අබ ක්‍රීම් මේස හැන්දක් හා බටර් ග්‍රෑම් 100 බැගින් එකතු කරලා  වෙන වෙනම මිශ්‍රකර ගන්න. මේවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතුකර ගන්න.

පාන් පෙති දෙකක් අරගෙන ඒකෙන් එක පෙත්තක් උඩට කැරට් මිශ්‍රණයෙන් ලේයර් එකයි අනෙකට බීට් මිශ්‍රණයෙන් ලේයර් එකයි දාලා, ඒ උඩට සලාද කොළයක් තියලා අනික් පාන් පෙත්තෙන් වසන්න. ලේසියි පහසුයි. ඒ වගේම රසම රසයි.