Sunday, September 08, 2024
Follow Us
පලතුරු පුඩිම

පොඩ්ඩන්ගේ අතුරුපසට නම් මේ පලතුරු පුඩිම පංකාදුයි. මේ රස පලතුරු පුඩිම හදන්න පාන් පෙති කිහිපයක්, නැවුම් කිරි,සීනි, ස්ට්‍රෝබෙරි සහ අඹ ගෙඩියක්, කෙසෙල් ගෙඩි දෙක තුනක් අවශ්‍යයි.

මුලින්ම නැවුම් කිරි, පාන්, සීනි සමඟ මිශ්‍රකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එය බේකිං ට්‍රේ එකකට හෝ කුඩා බඳුන්වලට දමා සිහින්ව කැපූ පලතුරු තැනින් තැන මිශ්‍රවන සේ දමා ගන්න. සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයට විනාඩි තිහක් පමණ බේක් කරන්න.