Saturday, September 07, 2024
Follow Us
පැස්ටා සමඟ සැන්ඩ්විච්

පැස්ටා සැකසීමට තම්බාගත් පැස්ටා කෝප්පයක්, බටර්, ගම්මිරිස් අවශ්‍යයි. සැන්ඩ්විචය සඳහා ත්‍රිකෝණ හැඩයට කපා ගත් පාන් පෙති දෙකක්, බටර්, ගම්මිරිස්, ලුනු සහ තම්බාගත් බිත්තරයක් අවශ්‍යයි. සරසා ගැනීමට ලූණූ කොළ කිහිපයක්, බ්ලූ බෙරි සහ කෙසෙල් පෙති එකතුකර ගත හැකිය.

පෑන් එකක් ළිප තබා එයට බටර් ස්වල්පයක් එකතුකර ගන්න. ඉන්පසු තම්බාගත් පැස්ටා එකතුකර ගම්මිරිස් ස්වල්පයක් එකතුකර ගන්න. සැන්ඩ්විච් සඳහා පිරවුම සැකසීමට කුඩා බෝල් එකක් ගෙන බටර්, තම්බාගත් බිත්තරය, ලුණු සහ ගම්මිරිස් එකතුකොට ගෑරුප්පුවකින් හොඳින් පොඩිකර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය පාන් පෙත්තක් මත තබා අනෙක් පාන් පෙත්තෙන් වසා රූපයේ පරිදි තබා ගන්න. මේ සැන්ඩ්විච් එක වටේට පැස්ටා කැබලි තබා සිංහයකුගේ පෙනුමක් එන සේ හැඩකර ගන්න. ඇස් සඳහා බ්ලූ බෙරි සහ රූපයේ දැක්වෙන පරිදි තවත් ලස්සන කරගත හැකි දෑ එක් කළ හැකියි.

Tharunie