Sunday, March 15, 2026
Follow Us
ස්විස් රෝල්ස්

මේ රස ස්විස් රෝල් එක හදා ගන්න පාන් පෙති තුනක්, බටර්, ජෑම් හෝ නියුටෙලා අවශ්‍යයි.

මුලින්ම පාන් පෙතිවල වාටි කපා ඉවත්කර ගන්න. රෝලින් පින් එකකින් හෝ වීදුරු බෝතලයකින් පාන් පෙති තරමක් තළාගන්න.

පාන් පෙති දෙකක එක පැත්තක විතරක් බටර් ගා ගන්න. ඉතිරි පාන් පෙත්තේ දෙපැත්තේම ජෑම් හෝ නියුටෙලා ගා ගන්න. බටර් තැවරූ පාන් පෙත්තක් මත ජෑම් තැවරූ පාන් පෙත්ත තබා, ඉතිරි බටර් තැවරූ පාන් පෙත්තේ බටර් රහිත පැත්ත ජෑම් මත සිටින සේ තබාගන්න.

ලන්ච් ෂීට් එකක් මත තබා අතින් තද කරමින් රෝල් කරගෙන ලන්ච් ෂීට් එකෙන්ම ඔතා ශීතකරණයේ පැය භාගයක් තබා පෙති කපාගන්න.

 

Tharunie