Sunday, June 21, 2026
Follow Us
මීට් බෝල්ස්

බ්‍රෙඩ් මීට් බෝල්ස් සැකසීම සඳහා පාන් පෙති 8ක්, අඹරගත්ත කටු රහිත කුකුළු මස්, කිරි, බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, සිහින්ව ලියාගත් ලූනූ සහ කෝන් පිටි අවශ්‍යයි.

 පාන් පෙති ටික කිරිවල විනාඩියක් පොඟව ගන්න. වැඩිපුර කිරි ටික පාන්වලින් මිරිකල ඉවත්කර ගන්න. මේකට බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, සිහින්ව ලියාගත් ලූනු එකතු කරගෙන මිශ්‍රකර ගන්න.

මෙයටම අඹරගත් කුකුළු මස් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල කෝන් පිටිවල දවටා බිත්තර සාරුවල දමා නැවත කෝන් පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.