Thursday, March 05, 2026
Follow Us
චීසි රයිස් බෝල්ස්

බත්වලින් සකසන මෙය කෑම කන්න හොර පොඩ්ඩන්ට ගැළපෙනම ආහාරයක්. මේ සඳහා පිසගත් බත් කෝප්ප 1ක්, නිවිති කොළයක්, තම්බාගත් බිත්තර 1ක්, මොසරැල්ලා චීස් ස්වල්පයක්, තම්බපු අල හෝ වට්ටක්කා, පාන් කුඩු, වෙනම බිත්තරයක්, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව අවශ්‍යයි.

බෝල් එකක් ගෙන පාන්කුඩු සහ වෙන් කළ බිත්තරය හැර අනිත් සේරම කලවම් කරලා හොඳින් අනාගෙන පොඩි බෝල හදාගන්න. හදාගත් බෝල ටික බිත්තර සාරුවල දවටා පාන් කුඩු තවරාගන්න.  දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න.