Saturday, July 27, 2024
Follow Us
බටර්ස්කොච්

බටර්ස්කොච් අයිස්ක්‍රීම් සෑදීමට, සීනි කෝප්ප කාලක් පමණ උණුකර පැණි පාටට එද්දී බටර් තේ හැන්දක් එකතු කරන්න. එයට පොඩියට කපා ගත් කජු එකතු කරන්න. ආමන්ඩ්, රට කජු, හේසල්නට් ඔයාලට තියෙන වර්ගයක් ගන්න. බේකිං පේපර් එකක් මතට සාදාගත් පැණි කජු මිශ්‍රණය දමා නිවෙන්න තියන්න.

එයට උඩින් බේකිං පේපර් එකක් තබා රෝලිං පින් එකකින් පොඩි කැබලිවලට කඩා අයිස්ක්‍රීම් මිශ්‍රණය හා එකතුකර සෙට් වෙන්න ශීතකරණයේ තබන්න.