Monday, May 20, 2024
Follow Us
තේ වේලාවට අලවලින් හදන Potato snacks

 

ලේසියෙන් හදාගන්න පුළුවන් මේ කෑම පොඩ්ඩන්ට හදලා දෙන්න ගොඩක් කැමති වෙයි.
.
අවශ්ය ද්රව්ය 
පාන් පිටි 150g
පොල් තෙල් තේ හැන්දක්
ලුණු ස්වල්පයක්
අනාගැනිමට වතුර
 
පිරවුම සදහා 
ලොකු අල ගෙඩි 2
රට ළුණු ගෙඩියක්
කහ ස්වල්පයක්
අමු මිරිස් කරල් 2
කරපිංචා ඉත්තක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
ලුණු අවශ්ය පමන
හාල් පිටි මේස හැන්දක්
 
සාදාගන්නා ආකාරය
 
-මුලින් ම පාන් පිටි වලට ලුණු , තෙල් දමා කලවම් කරගෙන වතුර ටික ටික දමා හොඳින් අනා ගන්න .
මිශ්රණය පැය කාලක් විතර වසා තියන්න .
-අල වලට ලුණු , කහ,දමා හොඳින් තම්බා පොඩි කරගන්න ..
පොඩි කරගත්ත අල වලට හීනියට කපා ගත්ත රට ළුණු , අමු මිරිස් , කරපිංචා , ගම්මිරිස් කුඩු , ලුණු , හාල් පිටි දමා හොඳින් කලවම් කරගන්න ...
සාමාන්ය ගානට බෝලා හදාගන්න .
-පිටි මිශ්රණය ලෑල්ලක් මත තබා තූනි කරගන්න ..
කෑමති ප්රමාණයට රවුම් කපා ගන්න ...
පින්තූර වල විදිහට කපා ගෙන හදාගත්ත අල බෝලා තියා ගෙන වටේට වතුර ටිකක් ගා ගෙන මලක් වගේ හදාගන්න ..
පින්තූර බලන්න පැහැදිලි වෙයි .
පසුව ගැබුරැ තෙලේ බැද ගන්න .
 
අන්තර්ජාලය ඇසුරින්