Friday, May 03, 2024
Follow Us
පුස්නාම්බු

පුස්නාම්බු ගම්වල තවමත් උදෑසන අාහාරයක් විදිහටයි සලකන්නේ. ඒ වගේම තේ වෙලාවට රස කැවිල්ලක් විදිහටත් රස බලන මේ පුස්නාම්බුවලට වැඩියෙන්ම ආස පොඩ්ඩෝ. එහෙනම් කවුරුත් ආස පුස්නාම්බු මේ විදිහට හදලා බලමු.

මේ සඳහා හාල් පිටි ග්‍රෑම් 100ක්, ඉරිඟු පිටි ග්‍රෑම් 250ක්, කිතුල් පැණි හෝ පොල් පැණි කෝප්ප 1ක්, පොල් ගෙඩියක වතුර (දවසක් පැරණි නම් වඩාත් හොඳයි) සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

මුලින්ම අඹරාගත්ත හාල්පිටි සහ ඉරිඟු පිටි මිශ්‍රණයට පැණි කෝප්පය දාලා හොඳට මිශ්‍රකර ගන්න. සමහර ප්‍රදේශවල ඉරිඟු පිටි දාන්නේ නැතුව හාල් පිටි ග්‍රෑම් 200කට උඳු මේස හැඳි 2ක් දාලා මිශ්‍රණය හදාගන්නවා. මේ මිශ්‍රණයට ලුණුයි, පොල් වතුරයි දාලා රොටී පදමට හදාගෙන පැය 10ක් පමණ වසා තබන්න. කැන්ද කොළයක් අරගෙන මිශ්‍රණයෙන් කෝප්ප භාගයක් බැගින් වණ්ඩුවේ දාලා තම්බා ගන්න. හොඳින් තැම්බෙනකොට පුස්නාම්බුවේ මුදුන පුපුරනවා. එතකොට ඉක්මනටම බාගන්න.

 

Tharunie