Monday, April 29, 2024
Follow Us
වෙජිටබල් බිරියානි

මේ අවුරුදු සමයේ මස් මාළු කන්නේ නැති අයට හොඳ වෙජිටබල් බිනියානී එකක් හදා ගන්න විදිය තමයි මේ තියෙන්නේ. බලමු පසුවෙන්ම මෙය සාදා ගන්නේ කියලා.
බාස්මතී හාල් නම් ගන්නෙ පැයක් වත් පෙඟෙන්න තියන්න. ඒ අතරෙ අනික්ව ලෑස්ති කරන්න .
බාස්මතී හාල් රයිස් කුකර් කප් දෙකකට තමයි ඉන්ග්රීඩියන්ට්ස් තියෙන්නේ .

 මේකට නන් වෙජ් වලදි වගේ මසාල එක හදන්න වෙලාවක් නොයන නිසා බත් එකත් බාගෙට උයල වතුර පෙරලම මසාල එකේ තෙම්පරාදු කරන එක කරන්න පුලුවන් නම් වඩා හොඳයි ලේයරින් වලට.

වතුර එකක් උතුරවල ඒකට බේලීෆ් එකක්, කුරුඳු කෑල්ලක්,ස්ටාර් අනීස් එකක්, එනසාල් සහ කරාබුනැටි කීපයක් සහ ගම්මිරිස් ඇට කීපයක් දාන්න. ලුනුත් හොඳට රස එන්න දාගන්න. උතුරන වතුර එකට පෙඟුන බාස්මතී එක දාල 75% ක් වගේ තැම්බුනාම ලිපෙන් බාල වතුර පෙරන්න
මම මේ හාල් එක පැය 3කට වඩා සෝක් කරල ගත්තෙ. ඒනිසා මේක විනාඩි පහෙන් බාන්න පුලුවන් උනාම.
බිරියානි මසාලා එකට කොත්තමල්ලි ඇට තේ හැන්දක්, සූදුරු ඇට තේ හැඳි කාලක් ,ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, එනසාල් සහ කරාබු නැටි එක ගානෙ දාල ග්රයින්ඩ් කරන්න පවුඩර් එකක් වෙන්න. ඒකෙන් මේස හැඳි 1/2ක් තමයි මම මේ බත් එකට ගත්තෙ .
ගී මේස හැඳි දෙකක් රත් කරල හීනිවට කපාගත් බීලුනු ගෙඩි දෙකක් සහ කුරුඳු කෑල්ලක් දාල රන්වන් පාට වෙන්න බදින්න. කලු කරන්න එපා. ඒක බැදීගෙන එනකොට ඉඟුරු සහ සුදුලූනු පේස්ට් එක දාල පොඩ්ඩක් බැදෙන්න දෙන්න. ඒක බැදෙනව එක්කම කජු ටිකකුත් තියෙනව නම් දාල පොඩ්ඩක් බැද ගන්න. දැන් මේකට දාන එළවළු දාන්න ඕන. මම දැම්ම ලොකුවට රවුම් කපපු කැරට් ගෙඩි 1/2ක්, බෝන්චි කරල් 7-8ක්, කෝලිෆ්ලවර් ෆ්ලෝරෙට්ස්7-8ක්, කොත්තමල්ලි කොළ සහ මින්ට් කොළ මිටක්, අමු මිරිස් කරල් දෙකක්. එලවළු ලොකුවට කපන්න. නැත්නම් බෙරිවෙලා යයි. අල, ග්රින් පීස්, වගේ එළවලුත් ගන්න පුලුවන් .
ඒකටම බිරියානි පවුඩර් එකෙන් මේස හැඳි 1/2ක්, බීට්කරගත් යෝගට් හෝ කර්ඩ් මේස හැඳි 2ක්, කහ කුඩු ටිකක්,දෙහි ඉස්ම ටිකක් දාල කවලම් කරල ලුනු බලල රස අනුව දාන්න.
කවලම් කලාම ඇති .එලවලු කුක් වෙන්න අවශ්ය නෑ මේ වෙලාවෙ. දැන් මේකට කලින් බාගෙට ඉව්ව හාල් ටික දාන්න..ඒක උඩින් සැෆ්රන් රේනු කීපයක් දිය කරපු ෆ්රෙශ් මිල්ක් කෝප්ප කාලක් දැම්ම මම.සැෆ්රන් නැති අය කිරි කෝප්ප කාල දාන්න. ඒකෙන් රස වැඩිවෙනව . තව රතුපාට පොඩ්ඩකුත් දැම්ම දිය කරල. කොත්තමල්ලි කොළ ටිකක්, හීනිවට චොප් කරපු සෙලරි දන්ඩකින් බාගයක්, කහපාට බෙල් පෙපර් කෑලි ටිකකුත් දැම්ම. දාල අනික් බිරියානි වගේම ෆොයිල් එකකින් වහල ඒකපියනෙන් වහල පැය බාගයක් ගින්දර අඩු කරල ලිප උඩින් තැටියක් එහෙම තියල ඒක උඩ ස්ටීම් එකෙන් ඉදෙන්න අරින්න ..
 
අන්තර්ජාලය ඇසුරින්