Sunday, June 21, 2026
Follow Us
කොල්ලු කිරිබත්

ඉතාමත් ගුණ පණ දෙන ආහාරයකි. කිරිබතේ ගුණත් කොල්ලුවල ගුණත් දෙකම ලැබේ.විශේෂයෙන්ම වකුගඩු රෝග, මූත්‍රා රෝග, පිළිකා තත්ත්ව, ගු දය තුළ ඇති රෝග, මළබද්ධය ආදියට ගුණ දෙයි, කොල්ලු වනාහි ඇට වර්ගවලින් ඉතාමත් ගුණදායක ඇට වර්ගයකි.

*අවශ්‍ය දේවල්

• රතු හෝ සුදු කැකුළු සහල්

• කොල්ලු

• පොල්කිරි හෝ එළකිරි

• අවශ්‍ය ප්‍රමාණයට ලුණු

සාදන ආකාරය.

කොල්ලු පෙඟෙන්න දමා ලුණු පොඩ්ඩක් දමා තැම්බෙන්න තියන්න. භාගෙට තැම්බීගෙන එනකොට ඒකටම හාල් දමා වතුර දමා ලුණු දමා තැම්බෙන්න තියන්න. තැම්බුණාට පස්සෙ හොඳට කිරි දමා ගන්න.

-Tharunie