Monday, April 29, 2024
Follow Us
ගිතෙල් කිරිබත්

මුං කිරිබත් යනු මුං ඇට මිශ්‍රකර සාදා ගනු ලබන කිරිබත්ය. එය අධික සිසිලස ගුණයෙන් යුක්ත වන අතර ශරීරයේ දාහය නිවන, ඇඟ සිසිල් කරන ගුණයෙන් යුක්ත නිසා අම්ල පිත, අර්ශස්, මල බද්ධය, ඇඟ දැවිල්ල රෝගවලින් පෙළෙන අයට ඉතාමත් ගුණදායී ආහාරයකි.

මෙම කිරිබත එළකිරි මිශ්‍රව සාදා ගන්නේ නම් සෙංගමාල රෝගීන්ට රෝගය සුව වීමත් සමඟම ශක්තිය වඩවන ආහාරයක් ලෙස ද ලබා දිය හැකියි. මෙතනදී ලුණු අවමව භාවිත කළ යුතුයි).

අවශ්‍ය දේවල්

•රතු හෝ සුදු කැකුළු හාල් අවශ්‍ය ප්‍රමාණයට

•කැකුළු හාල් බර මෙන් භාගයක් මුං ඇට

•වතුර

•පොල් කිරි හෝ එළකිරි

•අවශ්‍ය ප්‍රමාණයට ලුණු

සාදන ආකාරය

මුං ඇට ටික හොඳින් සෝදා පැය 4ක පමණ කාලයක් පෙඟෙන්න හැර භාගෙට පමණ තම්බා ගන්න. පසුව සහල් සෝදා එයට එකතුකර ප්‍රමාණවත් පරිදි වතුර තිබේදැයි බලන්න. එසේ නොමැති නම් උණු වතුර ප්‍රමාණවත් පරිදි එකතුකර කිරි ද එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එකතු කරන්න. එසේ එකතු කරගත් පසු මඳ ගින්නේ තැම්බීමට ඉඩ හැර හොඳින් තැම්බුණු පසුව ළිපෙන් බා ගිතෙල් හැඳි 2ක් හෝ 3ක් (සහල් කිලෝ 1කට ගිතෙල් හැඳි 3) එකතු කරන්න. පසුව හැඳි මිටෙන් කලවම්කර කෙසෙල් කොළයක් මත අතුරා පසුව කෑලි කපා ගන්න. මෙම මුං කිරිබත් තවත් රසවත් කරගැනීමට අවශ්‍ය නම් ගිතෙල් දැමීමට ප්‍රථම එනසාල්, වියළි මිදි එකතු කරගන්න.

මේ විදිහටත් හදන්න පුළුවනි.

අවශ්‍ය දේවල්

*කැකුළු සහල් වර්ගයක් අවශ්‍ය පමණට

*රැයක් පෙඟෙන්න දැමූ මුං ඇට ටිකක්

*උකු පොල්කිරි

*ලුණු ටිකක්.

සාදන ආකාරය.

මුලින්ම කිරිබත් උයන මුට්ටියට වතුර දාලා මුං ඇට තම්බන්න. භාගෙට තැම්බුණහම වැඩි වතුර ඉවත් කරලා සෝදා ගත් කැකුළු සහල් සහ නැවත වතුර දමා ළිපේ තියන්න.

වැඩි ප්‍රමාණයක් වතුර දමන්න බත බෙරිවෙන්න.

 

-Tharunie

උකු පොල් කිරි අවශ්‍ය පමණ ගෙන එයට, කිරිබතට ප්‍රමාණවත් පරිදි ලුණු ද එකතු කරන්න. පරිස්සමට බත බෙරි වූ පසුව පොල්කිරි එකතු කරන්න.

හොඳින් කලවම්කර ගින්දර අඩු කරන්න. මඳක් කිරි හිඳුණ පසුව නෑඹිලිය ඉවත්කර තබන්න. සැරින් සැරේ බත කලවම්කර කිරි හිඳුණ පසුව ළිපෙන් බාලා කෙසෙල් කොළයක තුනීකර හොඳින් නිවුණු පසු කෑලි කපාගන්න. ආහාරයට ගෙන ඉතිරි වූ කිරිබත් කැබැලි බත පිසූ මුට්ටියටම දමා පසුව ආහාරයට ගන්න.