Saturday, April 19, 2025
Follow Us
මඤ්ඤොක්කා වෑංජනය

මඤ්ඤොක්කා හැම විදියටම හදපු එකේ කරි එකක් වගෙත් හදමුද? එහෙනම් මේ විදිහට හදලා බලන්න.

මඤ්ඤොක්කා ග්‍රෑම් 500ක්, රතුලූනුු ග්‍රැම් 75ක්, අමුමිරිස් කරල් 3ක්, සුදුලූනු බික් 3ක්, කුරුඳු පොතු කෑලි 1ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, තුනපහ කුඩු තේ හැඳි 1/2ක්, මිටිකිරි කෝප්ප 1ක්, දියකිරි කෝප්ප 1ක්, රස අනුව ලුණු සහ රම්පේ, කරපිංචා ඉත්තක් අවශ්‍ය වේ.

මුලින්ම මඤ්ඤොක්කා ටික පොතු අයින් කරලා හෝදලා කපාගන්න.

ඊට පස්සෙ භාජනයක් අරගෙන මඤ්ඤොක්කා, හීනියට කපාගත්තු රතුලූනු, අමු මිරිස්, සුදුලූනු, අබ, කුරුඳු පොතු, කහ කුඩු, තුනපහ කුඩු, රම්පේ, කරපිංචා දාලා දෙවැනි කිරෙන් තම්බා ගන්න (දිය කිරෙන්).

ඊට පස්සෙ දෙවැනි කිරි හොඳට හිඳුණාට පස්සෙ පළවෙනි කිර (මිටිකිරි) එකතු කරලා හොඳට උතුරන්න ඇරලා ළිපෙන් බාගන්න.

-Tharunie