Saturday, April 19, 2025
Follow Us
මඤ්ඤොක්කා කට්ලට්

කට්ලට් ටිකක් හදාගන්නත් ඕනේ. ඒත් අලයි මාළුයි නෑනෙ. මොකද කරන්නෙ?

අනේ මොකුත් ඕනෙ නෑ මඤ්ඤොක්කා තියෙනවා නම්. මෙන්න අපෙන්  රසම රස මඤ්ඤොක්කා කට්ලට් .

මේ සඳහා මඤ්ඤොක්කා ග්‍රෑම් 250ක්, රතුලූනු ගෙඩි 5ක්, සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්, සිහින්ව ලියාගත් සුදුලූනු බික් 2ක්, පාන් පිටි ග්‍රෑම් 50ක්, පාන්කුඩු ග්‍රෑම් 75ක්, බිත්තර 1ක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කුරුඳුපොතු සහ බැදගැනීමට තෙල් අවශ්‍යයි.

මුලින්ම හොඳට පිරිසුදු කරගත් මඤ්ඤොක්කා හොඳින් තම්බලා පොඩි කරගන්න. ඊට පස්සෙ වෙන භාජනයක් අරගෙන ඒකට තෙල්  දාලා රත් වෙන්න ඇරලා රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, රතුලූනු, අමු මිරිස්, සුදුලූනු එකතු කරගන්න.

ඒකට කහ කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරලා පොඩි කරගත් මඤ්ඤොක්කා ටික එකතු කරන්න.

ඊට පස්සෙ ලුණු දාලා රස බලල ළිපෙන් බාගන්න.

ළිපෙන් බාගත්තු මිශ්‍රණය නිවෙන්න තියලා කට්ලට් බෝල හදාගන්න. ඊට පස්සෙ පාන් පිටි හා බිත්තරේ එකතු කරලා උකු බැටර් එකක් හදාගෙන කට්ලට් ඒකෙ දවටලා, පාන්කුඩු එකේ දාලා ගැඹුරු තෙලේ බැදලා ගන්න.

Tharunie