Sunday, April 20, 2025
Follow Us
පීසා බොම්බ්ස්

පොඩි බඩගින්නට වගේම තේ වෙලාවටත් කදිම පීසා බොම්බ්ස් හදන්න නම් හරිම පහසුයි.

ඒ සඳහා ග්‍රෑම් 200 පීසා ඩෝ එකක්, (මේ විදිහට සකසා ගත් පීසා ඩෝ දැන් වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි.) පීසා සෝස් ස්වල්පයක්, උණු කරගත් බටර් මේස හැඳි 3ක්, ගාලික් පවුඩර් තේ හැඳි 1/2ක්, සිහින්ව ලියාගත් පාස්ලි මේස හැඳි 2ක්, ගාගත් මොසරැල්ලා චීස් කෝප්ප 1ක් අවශ්‍යයි.

මුලින්ම පීසා ඩෝ එක කෑලි කපාගෙන පොඩි රවුම් රොටි හදාගන්න. ඒ රොටි මැදට පීසා සෝස් ගාගෙන ඊට උඩින් ගාලික් පවුඩර්, පාස්ලි, මොසරැල්ලා චීස් හා ගම්මිරිස් කුඩු දාගන්න. 

රොටිය වටෙන් ඔතලා බෝලයක් වගේ හදාගෙන බටර් ගාගත් ට්‍රේ එකක තියලා උඩින් උණු කරගත් බටර් ගාගන්න. 

සෙල්සියස් අංශක 180ට උණුසුම් කරගත් අවන් එකක විනාඩි 15ක් වගේ බේක් කරගන්න

 

Tharunie