Friday, May 17, 2024
Follow Us
චොකලට් ටාර්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

මාරි බිස්කට් ග්‍රෑම් 200ක්

කුකිං චොකලට් ග්‍රෑම් 200ක්

දියකරගත් බටර් ග්‍රෑම් 100ක්

ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 100ක්

සීනි ග්‍රෑම් 50ක්

බිත්තර 2ක්

බිස්කට්වලින් පොඩි කොටසක් වෙනම තබා ඉතිරිය බ්ලෙන්ඩ් කරගන්න. එයට බටර් දමා යළිත් බ්ලෙන්ඩ් කරගන්න. භාජනයක් ගෙන මේ මිශ්‍රණයෙන් පතුලම වැසී යන තෙක් හැන්දකින් තදකර විනාඩි 10ක් පමණ ශීතකරණයේ තබන්න.

භාජනයක් ළිප තබා එයට කිරි ටික එක්කර වටෙන් යන්තම් බුබුළු එන ගාණට රත් කරගන්න. එය ළිපෙන් ඉවත්කර චොකලට් එක්කර හොඳින් චොකලට් ටික දියකරගන්න. එයටම සීනි ටික එකතු කරගෙන සීනි දියවෙනතුරු හොඳින් විස්ක් කරගන්න. බිත්තර දෙක වෙනම බඳුනක බීට් කරගෙන එයත් කිරි මිශ්‍රණයට එක් කරගන්න. මේ මිශ්‍රණය ශීතකරණයේ තැබූ බඳුනට දමන්න. ඉතිරි වුණ බිස්කට් ද ලොකු කැබලිවලට කඩා මෙයට එකතු කරන්න. සෙල්සියස් 180ක උෂ්ණත්වයකින් විනාඩි 30ක් පමණ අවන් එකේ තබන්න.

Tharunie