Friday, May 17, 2024
Follow Us
බ්‍රෙඩ් කැසරෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් භාගයක්

සොසේජස් 4ක්

ලූනූ ගෙඩියක්

මාළුමිරිස් කරලක්

තක්කාලි ගෙඩියක්

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

බිත්තර 3ක්

සාදන ක්‍රමය

 භාජනයක් ළිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරන් පොඩියට කපාගත්ත සොසේජස් දාල බැදගන්න.

ඒ ටික බැදුණාම ඒකටම කපාගත්ත ලූනූ, මාළුමිරිස්, තක්කාලි එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක් එකතු කරලා කලවම් කරගෙන, ඒකට පාන් පොඩියට කඩල එකතු කරගන්න.

කැමති නම් තම්බල බැදගත්ත හතු ටිකක් හෝ මස් වර්ගයක් වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය බටර් ගාපු තැටියකට දාගෙන පැතලි කරන් ඒකට උඩින් හොඳින් ගසාගත්තු බිත්තර වත් කරගන්න. දැන් මේක සෙල්සියස් 180ට උණුසුම් කරගත්ත අවන් එකක විනාඩි 20-30 බේක් කරගන්න උඩ දුඹුරු පාට වෙනකම්. (ගන්න ප්‍රමාණ අනුව අවන් එකේ තියන වෙලාව වෙනස් වෙනවා. මතුපිට රන්වන් පාට වෙලා එන ගාණට තිබ්බම ඇති)

අවන් නොකර හදාගන්න නම් නන්ස්ටික් පෑන් එකක එළවළු තෙම්පරාදු කරගෙන ඒකටම පාන් ටිකත් එකතු කරන් ඒ පෑන් එකටම බිත්තර එකතු කරල අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න විනාඩි 20ක්.

Tharunie