Sunday, April 20, 2025
Follow Us
බේක් කරගත් මාළු

අවශ්‍ය ද්‍රව්‍ය

මලට්/තිලාපියා හෝ ගල්මාළු වර්ගයක්

දියකරගත් බටර් මේස හැඳි 4ක්

දෙහි යුෂ මේස හැඳි 2ක්

හොඳින් තළාගත් සුදුලූනූ බික් දෙක තුනක්

සීනි තේ හැන්දක්

ගම්මිරිස් තේ හැඳි 1/2ක් හෝ රස අනුව

තළාගත් පාස්ලි මේස හැන්දක්

ලුණු රස අනුව

පාන් කුඩු කප් 1/3ක්

පොඩි බෝල් එකකට බටර්, දෙහි, සීනි, සුදුලූනූ, ගම්මිරිස් සහ ලුණු මිශ්‍ර කරගන්න. එයටම පාස්ලි ටිකත් එක්කර කලවම් කරගන්න.

මාළුවා හොඳින් සෝදා පිරිසුදුකර, තැනින් තැන දෙපැත්තේම පිහියෙන් වෙන් නොවන සේ ඉරි කපාගන්න. සාදාගත් සීසනින් එක මාළුවාගේ හොඳින් තවරා විනාඩි 30ක් පසෙකින් තබාගන්න.

විනාඩි 30කට පසු මාළුවාගේ දෙපසම හොඳින් පාන් කුඩු දවටා, තෙල් ඉසගත් බේකිං ට්‍රේ එකක තබා, සෙල්සියස් 200ට උණුසුම් කරගත් අවන් එකක විනාඩි 10-15ක් බේක් කරගන්න.

-Tharunie