Friday, May 17, 2024
Follow Us
පේස්ට්‍රි සිනමන් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

පේස්ට්‍රි ශීට් එකක්

දියකරගත් බටර් මේස හැඳි 1/2ක්

දුඹුරු සීනි කප් එකක්

කුරුඳු කුඩු තේ හැඳි 1/2ක්

අවශ්‍ය නම් කපාගත් කජු

කුඩු කරගත් සීනි කප් 1ක්

කිරි මේස හැන්දයි

වැනිලා ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ සඳහන් ප්‍රමාණයට වඩා මඳක් වැඩියෙන් තුනී කරගන්න. තුනී කරගත් පේස්ට්‍රි ශීට් එක මත දියකරගත් බටර් ආලේප කරගන්න.

දුඹුරු සීනි සහ කුරුඳු කුඩු මිශ්‍ර කරගෙන, තවරා ගත් බටර් මත ඉසගෙන, ස්විස් රෝල් එකක් ආකාරයට එක කෙළවරක සිට පරිස්සමෙන් ශීට් එක රෝල් කරගන්න.

මුවහත් පිහියකින් අඟලක පමණ ඝනකමට රවුම් කපාගෙන ඔයිල් පේපර් එකක් දමාගත් ට්‍රේ එකක තියාගන්න. සෙල්සියස් 170ට උණුසුම් කරගත් අවන් එකක විනාඩි 20-25ත් අතර කාලයක් බේක් කරගන්න.

ග්ලේස් එකට අවශ්‍ය සියලුම දේ බෝල් එකක දමා බීට් කරගෙන, උණුවෙන්ම ඇති සිනමන් රෝල් මත වත් කරන්න.

-Tharunie