අවශ්‍ය ද්‍රව්‍ය
ඩෝ එකට
පාන්පිටි ග්‍රෑම් 200ක්
ඊස්ට් තේ හැඳි 1ක්
උණුසුම් කිරි කෝප්ප 1ක්
සීනි තේ හැඳි 2ක්
ලුණු ස්වල්පයක්
බැටර් එකට
සීනි ග්‍රෑම් 100ක්
බටර් ග්‍රෑම් 100ක්
බිත්තර 2ක්
සුල්තානා ග්‍රෑම් 50ක්
චෙරීස් ග්‍රෑම් 50ක්
ග්ලේස් අයිසිං එකට
අයිසිං ෂුගර් මේස හැඳි 2ක්
වතුර ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්
සාදන ක්‍රමය
මුලින්ම ඩෝ එක සෑදීමට ඊස්ට්, සීනි හා කිරි මේස හැඳි 2ක් කලවම් කරලා පිපෙන්න තියන්න. පාන්පිටිවලට ලුණු දාලා කිරි මිශ්‍රණයෙන් ටික ටික දාලා අනලා ඩෝ එක හදාගන්න. මේක තෙත රෙදි කෑල්ලකින් වහලා ඩෝ එක දෙගුණයක් වෙනකල් තියන්න. වෙනම බෝල් එකකට බටර්, සීනි හා බිත්තර හොඳට බීට් කරලා පිටි මෝලියට කලවම් කරන්න. මේකට පලතුරු සියල්ලම දාගන්න. බටර් ගාගත් මෝල්ඩ් එකකට දාල තවත් පැයක් පිපෙන්න තියලා සෙල්සියස් අංශක 180°ට විනාඩි 40ක් බේක් කරගන්න. අයිසිං සීනිවලට වතුර ටිකක් හා දෙහි යුෂ දාලා තරමක් ඝන අයිසිං එකක් හදාගන්න. බෲදර් එක නිවුණාට පස්සෙ මේ ග්ලේස් අයිසිං එක වක්කරගන්න.