Friday, May 17, 2024
Follow Us
චිකන් ෆ්ලොරෙන්ටයින්

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව්තෙල් මේස හැඳි 2ක්

පෙති කපාගත් චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 300ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

සිහින්ව ලියාගත් ලූනු ගෙඩි 1ක්

සිහින්ව ලියාගත් සුදුලූනු බික් 2ක්

නිවිති කොළ කෝප්ප 2ක්

වයිට් වයින් කෝප්ප 1/4ක්

හෙවි ක්‍රීම් කෝප්ප 1/4ක්

කෝන් ෆ්ලා තේ හැඳි 2ක්

 කුකුළු මස්වලට ලුණු හා ගම්මිරිස් කුඩු දාලා සීසන් කරගන්න. පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා, චිකන් ටික දාලා බැදගන්න. 

දැන් කුකුළු මස් ටික පෑන් එකෙන් අයින් කරලා ෆොයිල් එකකින් වහලා තියන්න. ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා තළාගත් සුදුලූනු, ලූනු දාලා ටිකක් තෙම්පරාදු කරගන්න. 

මේකට වයිට් වයින් ටිකත් දාගන්න. ටික ටික නිවිති කොළ එකතු කරන්න. වෙනම බෝල් එකකට හෙවි ක්‍රීම්, කෝන් ෆ්ලා, ලුණු හා ගම්මිරිස් කුඩු දාලා විස්ක් කරලා නිවිති ටිකක් පෑන් එකට එකතු කරන්න. 

විනාඩි 2ක් විතර කලවම් කරලා ළිපෙන් බාගන්න. දැන් පිළිගන්වන්න.

Tharunie