Sunday, April 20, 2025
Follow Us
චිකන් මෂ්රූම් මසාලා

අවශ්‍ය ද්‍රව්‍ය

දෙකට කපාගත් කටු රහිත චිකන් බ්‍රෙස්ට් 2ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

පාන්පිටි කෝප්ප 1/4ක්

ඔලිව්තෙල් මේස හැඳි 4ක්

කපාගත් බට්න් මෂ්රූම් කෝප්ප 1ක්

මසාලා වයින් හෝ මිදි යුෂ කෝප්ප 1/2ක්

කුකුළු මස් තැම්බූ වතුර කෝප්ප 2ක්

බටර් මේස හැඳි 1/2ක්

කපාගත් ලූනු ගෙඩි 1ක්

වියළි තයිම් ටිකක්

චිකන් බ්‍රෙස්ට් පොඩියට කපලා ලුණු හා ගම්මිරිස් කුඩු දාලා මැරිනේට් කරගන්න. මේ ටික පාන්පිටිවල තවරාගන්න.  පෑන් එකට ඔලිව්තෙල් මේස හැඳි 2ක් දාලා චිකන් බ්‍රෙස්ට් ටික රන්වන් පාට වෙනකල් දෙපැත්තම හොඳින් බැදගන්න. මේ ටික අයින් කරලා පෑන් එකට ඔලිව් තෙල් මේස හැන්දක් දාලා කපාගත් ලූනු හා මෂ්රූම් ටික එක්ක ලුණු රස අනුව දාගන්න. මෂ්රූම් තැම්බෙනකම් විනාඩි 5ක් විතර පිසගන්න. මේ ටික පෑන් එකෙන් අයින් කරගන්න. දැන් ඉතිරි ඔලිව් තෙල් මේස හැන්ද මේ පෑන් එකටම දාලා ලූනු සහ තයිම් එකතු කරලා තෙම්පරාදු කරගන්න. ලූනු විනිවිද පේන ගාණට එනකොට මෂ්රූම් ටික එකතු කරන්න. 

මේකට මසාලා වයින් (හෝ මිදි යුෂ) කුකුළු මස් තැම්බූ වතුර එක්ක සාමාන්‍ය ගින්දරේ ටිකක් හිඳෙනකම් හැඳිගාන්න.  ළිපෙන් ඉවත් කරගෙන මේ සෝස් එක බැදගත් කුකුළු මස් උඩට දාලා මෑෂ් පොටෑටෝ එක්ක පිළිගන්වන්න.