අවශ්‍ය ද්‍රව්‍ය
තළාගත් ඉඟුරු මේස හැඳි 4ක්
තෙල් මේස හැඳි 3ක්
අබ ඇට තේ හැඳි 1ක්
කරපිංචා ටිකක්
තළාගත් සුදුලූනු මේස හැඳි 1ක්
සිහින්ව ලියාගත් ලූනු මේස හැඳි 3ක්
කහකුඩු තේ හැඳි 1/4ක්
මිරිස්කුඩු තේ හැඳි 1/2ක්
ලුණු හා ගම්මිරිස් කුඩු
පිසගත් බත් කෝප්ප 3ක්
තළාගත් කොත්තමල්ලි ස්වල්පයක්
පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවා ගන්න. මේකට කරපිංචා, තළාගත් සුදුලූනූ හා ඉඟුරු දාලා කලවම් කරගන්න. ගින්දර අඩු කරගන්න.
මේකට සිහින්ව ලියාගත් ලූනූ ටික දාලා කහ කුඩු, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ටිකකින් මේකට පිසගත් බත් ටික දාලා කලවම් කරගන්න. හොඳට කලවම් කරලා උඩින් සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක් ඉසගන්න.
Tharunie