Friday, May 01, 2026
Follow Us
ජුජුබ්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250ක්

ජෙලටින් ග්‍රෑම් 30ක්

දෙහි යුෂ මේසහැඳි 2ක්

කලරින් 

එසන්ස් ස්වල්පයක් 

වතුර කෝප්ප 1/2ක්

වෙනම සීනි ටිකක්

ජෙලටින් ටික වතුර මේසහැඳි 4ක දිය කරගන්න. ඉතිරි වතුර ටික ළිපේ තියලා සීනි ටික දාගන්න. මෙයට ජෙලටින් ටික දාලා හැඳිගාලා මිශ්‍රණය නටනකොට ළිපෙන් බාගන්න. දෙහි යුෂ එකතු කරන්න. දැන් මේක වෙන් වෙන් භාජනවලට දාලා කලරින් හා එසන්ස් දාගන්න. දැන් බටර් ගාගත් ට්‍රේවලට දාලා සෙට් වෙන්න තියලා කෑලි කපාගන්න. ඉන්පසුව සීනිවල තවරාගන්න.