Sunday, April 20, 2025
Follow Us
බටර්ස්කොච් බ්‍රෙඩ් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය

බටර්ස්කොච් එකට

බටර් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 6ක්

රැයක් ශීතකරණයේ තැබූ පාන් පෙති ටිකක්

කිරි කෝප්ප 4ක්

බිත්තර 4ක්

බටර් මේස හැඳි 2ක්

සීනි කෝප්ප 1/4ක්

වැනිලා තේ හැඳි 1ක්

 බටර්ස්කොච් එකට

පෑන් එකක් ළිපේ තියලා බටර් ටික දාලා මෙල්ට් වෙනකොට සීනි ටික දාගන්න. ටිකකින් සීනි දියවෙලා කැරමල් වෙනවා පෙනෙයි. දැන් මේක බටර් ගාගත් ට්‍රේ එකකට දාලා අඩිය වැහෙන්න තවරා ගන්න. පාන් පෙති ටික පොඩි කෑලිවලට කඩාගන්න. කිරිවලට බිත්තර, සීනි, වැනිලා, බටර් දාලා හොඳට බීට් කරගන්න.  කඩාගත් පාන් පෙති ටික සකස් කරගත් ට්‍රේ එකේ අතුරලා උඩින් බිත්තර මිශ්‍රණය දාගන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 20-30ක් බේක් කරගන්න. 

Tharunie