Tuesday, May 14, 2024
Follow Us
බ්‍රවුනි ට්‍රයිෆල්

අවශ්‍ය ද්‍රව්‍ය



* කුඩු කරගත් බ්‍රවුනි කෝප්ප 1ක්
* කිරි කෝප්ප 3 1/2ක්
* සීනි කෝප්ප 1/2ක්
* බිත්තර 1ක්
* වැනිලා ස්වල්පයක් 
* ලුණු ස්වල්පයක් 
* කොකෝවා පවුඩර් මේස හැඳි 3ක්
* කෝන්ෆ්ලා කෝප්ප 1/4ක්
* විප් ක්‍රීම් කෝප්ප 1ක්
* අයිසිං සීනි කෝප්ප 1ක්
* ක්ෂණික කෝපි මේස හැඳි 1ක්
* වතුර මේස හැඳි 1ක්
* කොෆි කැන්ඩි ස්වල්පයක් 

සාදන ක්‍රමය

බඳුනකට කිරි කෝප්ප 3ක් දාලා සීනි දාලා එයටම හැඳිගාන්න. උණු වෙන කොට ළිපෙන් බාන්න. ඉතිරි කිරි කෝප්ප 1/2ට බිත්තරය දාලා වැනිලා එකතු කරන්න. මේකට ලුණු, කොකෝවා පවුඩර් කෝන්ෆ්ලා දාලා හොඳින් ගසාගන්න. දැන් මේකට උණු කරගත් කිරි ටික ටික දාගන්න. දැන් ආයෙමත් මේක ළිපේ තියලා උණු කරන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාන්න. ටිකක් ගන වුණාම ළිපෙන් බාගන්න.

විප් ක්‍රීම් බීට් කරගන්න. අයිසිං සීනි ටික ටික දාලා ගන වෙනකල් බීට් කරන්න. කොෆිවලට වතුර මේසහැඳි 1ක් දලා දියකරලා විප් ක්‍රීම්වලට එකතු කරන්න. සිප්ලොක් බෑග් එකකට කොෆි කැන්ඩි ටික දාලා කුඩු කරගන්න.

ඩෙසර්ට් කප්වලට කුඩු කර ගත් බ්‍රවුනී ටික ටික දාගන්න. ඊළඟට සාදාගත් කොෆි විප් ක්‍රීම් ටික ලේයර් එකක් වගේ පයිප් කරගන්න. දැන් කුඩු කර ගත් කැන්ඩි ටික දාලා චොක්ලට් කස්ටඩ් ලේයර් එකක් දාගන්න. ආයෙ විප්ක්‍රීම් ලේයර් එකක් දාලා කැමති විදිහට හැඩ කරගන්න.

 

Tharunie