Sunday, June 21, 2026
Follow Us
ච්කන් බුරිටෝ

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 3ක් සිහින්ව කපාගත්

ලූනූගෙඩියක්,

සිහින්වක කපාගත් තක්කාලි

ගෙඩියක්

චොප්කරගත් බෙල්පෙපර්

ගෙඩියක්

ලුණු හා ගම්මිරිස්කුඩු

මයෝනිස් මේසහැඳි 1ක්

කිරි කෝප්ප 1/4ක්

බටර් මේසහැඳි 1ක් තලාගත් සුදු ලූනූ තේ හැඳි 2ක්

හොට් සෝස් ස්වල්පයක්

චෙඩාර් චීස් පෙති කිහිපයක්

බෝල් එකකට සිහින්ව කපා ගත් ලූනූ, තක්කාලි හා බෙල්පෙපර් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.

වෙනම බෝල් එකකට මයෝනිස් දාලා කිරි මේසහැඳි 3ක් දාලා කලවම් කරගන්න.

බිත්තර ටික වෙනම කඩලා බෝල් එකකට දාගන්න.

මේකට ලුණු හා කිරි මේසහැඳි 4ක් දාලා කලවම් කරගන්න. පෑන් එකට බටර් ටිකක් දාලා සුදුලූනූ ටික දාගන්න.

ටිකකින් බිත්තර මිශ්‍රණය දාලා ස්කැම්බල් කරගන්න.

ටෝටිලා මැදට හොට්සෝස් දාලා සාදාගත් සැලඩ් එකෙන් ටිකක් දාගන්න.

උඩින් බිත්තර කෑලි දාලා මයෝනිස් සෝස් එක දාගන්න.ඊළඟට චෙඩාර් චීස්පෙති දෙකක් තියලා නවාගන්න. මේක අඩු ගින්දරේ විනාඩි 5ක් වගේ දෙපැත්ත පුලුස්සගන්න.

 

-Tharunie